Powered by Blogger.
Thursday, August 9, 2012

සචින්ගේ රසිකයාට ලංකාවේදී අතවර(sachinge rasikaya)

ඉන්දියානු ක්‍රිකට් ලෝලියකුට අපහසු වන අන්දමින් හැසිරුනා යයි එල්ල වූ චෝදනාවක් මත ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති 4 වන එක් දින තරඟයේ දී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ව දිරිමත් කිරීම සඳහා ඉන්දියානු කොඩිය වනමින් ඔල්වරසන් දුන් ඉන්දීය ප්‍රේක්ෂකයකු හට ඉන්දියානු කොඩිය වෙනුවට ශ්‍රී ලංකා කොඩිය වනමින් ලාංකික ක්‍රිකට් පිලට සහය දක්වන ලෙස ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් පිරිසක් විසින් බල කර තිබීම මෙලෙස ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට හේතුව බව
විදෙස් වාර්තා සඳහන් කර සිටිනවා.

මෙලෙස ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් විසින් හිරිහැරයට ලක් වූ ඉන්දීය ක්‍රිකට් ලෝලියා ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දූල්කාර් ගේ ප්‍රභල
ආධාර කරුවෙකු වන අතර සචින් තෙන්ඩුල්කාර් සහභාගී වන සෑම තරඟයක් ම නැරඹීමට ඔහු ලොව පුරා ඕනෑම රටකට යන බව ද වාර්තා වනව.

කෙසේ නමුත් මෙලෙස අත් අඩංගුවට පත් වන විට ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් බීමත් ව සිට ඇති බව
කැමිලස් අබේගුණවර්ධන මහතා ප්‍රකාශකොට තිබේ.

නියෝජ්‍ය ඇමති සරණ තවත් කප්පමක් ගනී( amathi kappam ganiiii)

ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍යවරයා වන සරණ ගුණවර්ධන විසින් ජනතාවගෙන් කප්පම් ඉල්ලූ සිද්ධීන් වාර්තා වුනේ වරක් දෙවරක් නොවේ.

ගම්පහ ප්‍රදේශයේ යම් යම් ඉදිකිරීම් කරගන යාමට අවශ්‍ය නම් ඇමතිවරයාට කප්පම් ගෙවිය යුතු වාතාවරණයකුයි ගොඩ නැඟී තිබෙන්නේ.

ඉන්ධන පිරවුම් හලක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අවසර පත ලබා දීමට ලක්ෂ 80 ක කප්පම් මුදලක් ගැනීම මෙන්ම මෙන්ම මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 250 ක කප්පමක් ගැනීම ඒ අතර ප්‍රධාන වුණා.


ඒ ඒ අවස්ථාවන් වලදී පීඩනයට ලක් වූවන් ජනාධිපතිතුමන් හා ආරක්ෂක ලේකම් තුමන් ඇතුළු සියළු වගකිවයුතු නිළධාරීන් හට පැමිනිළි කළ බවට වාර්තා වූ නිසා සරණ අසරණ වේයැයි බොහෝ දෙනා සිතුව නමුත් එම පැමිණිලි වලින් පලක් නොවූ බව පැහැදිළි වන්නේ අමාත්‍ය වරයා විසින් නැවතත් කප්පමක් ලබාගත් බව ව්‍යාපාරිකයෙකු විසින් පොලීසියට පැමිණිළි කිරීමත් සමඟය.


නිට්ටඹුව හොරගොල්ල වත්තේ "ග්‍රීන් පාර්ක්" නිවාස සංකීර්ණයේ වැඩ යළි ඇරැඹීමට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ අවසරය ලබාදීමට යයි කියමින් රුපියල් කෝටි 2 ක කප්පම් මුදලක් ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා වන සරණ ගුණවර්ධන විසින් ඉල්ලා තිබෙනවා.

මේ සඳහා දින රහිත චෙක්පත් දෙකක් හා රුපියල් ලක්ෂ 50ක මුදලක් ඔහු විසින් මේ වන විට ලබාගන ඇති බවයි වාර්තා වෙන්නේ.

පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ කොළඹ වෝඩ් පෙදෙසේ ඉදිකිරීම් සමාගමක කලමණාකර අධ්‍යක්ෂ වරයකු වන දුමින්ද ලියනගේ නැමැති අයෙකු විසිනුයි.

නිවාස 350ක් ඉදිකිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය සඳහා අදාල සමාගම විසින් නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසරද ලබාගන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ මුලින් කෝටි 2ක් හා පසුව කෝටි තුනහමාරක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවද පැමිණිල්ලේ සටහන්ව ඇති බවයි.

ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් කප්පම් ගන්නා අයෙක් වූ විට එම සංස්ථාවෙන්ම ගෙන්වූ බාලතෙල් සඳහා කොමිස් මුදල් ලබාගන නැතැයි කාට නම් කිව හැකිද?

වෙබ් ලියාපදිංචි ගාස්තුව රු. 25,000යි (Sri Lankan Web Register price is Rs 25000)

නව පුවත් වෙබ් අඩවියක්  ලියාපදිංචි කිරීමේ දී හා ලියාපදිංචි කරන ලද වෙබ් අඩවිවල ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව නව පුවත් වෙබ් අඩවියක් ලියාපදිංචි කිරීම සඳහා ගෙවිය යුතු වන්නේ රුපියල් 25,000 ක් වන අතර, පවත්නා වෙබ් අඩවියක ලියාපදිංචිය දීර්ඝ කිරීමේ දී ගෙවිය යුතු වන්නේ රුපියල් 10,000 ක් පමණක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මීට පෙරාතුව නව පුවත් වෙබ් අඩවියක් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 100,000 ක මුදලක් සහ ලියාපදිංචිය අලුත් කිරීම සඳහා වාර්ෂිකව රුපියල් 50,000 ක මුදලක් අය කිරීමට රජය තීරණය කර තිබිණි.

වැව් වල වතුර ඇරියේ ඇමතිවරුන්ට හෝටල් හදන්නද?

රජරට වැව් හිඳියාමෙන් මේ දිනවල අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශ වල ජනතාව දැඩි පීඩාවකට ලක්වී සිටිනවා.

මේ සඳහා චෝදනා නැඟෙන්නේ රජයේ ඇමතිවරුන්ටයි. ඔවුන් රජරට වැව් ඉස්මත්තේ හෝටල් හදන නිසා එම ඉදිකිරීමේ කර්මාන්ත කරගන යෑමට වැව් වල ජලය අඩු කිරීමෙන් මෙම විපත සිදුවූ බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

වැව් ඉස්මත්තේ හෝටල්, සංචාරක නිකේතන ඉදිකරන බවට චෝදනා නැඟෙන ඇමතිවරුන් අතර මෛත්‍රීපාල සිරිසේන, එස්.එම් චන්ද්‍රසේකර, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර අර්ල් ගුණසේකර මෙන්ම උතුරුමැද පළාත් මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් ද වෙනවා.


කලා වැවේ වැස් ඉස්මත්තේ ඉදිකරමින් පවතින හෝටලයේ පසුගිය මාස කිහිපය වනවිට මහල් හතරක්‌ පමණ ඉදිකර අවසන්ව තිබුණු අතර තවමත් පූර්ණ වශයෙන් වැඩ අවසන් කර නැහැ. මේ හෝටලයේ බිම් මහල බෝට්‌ටු අංගනයක්‌ ලෙස සැකසීමට කටයුතු යොදා ඇති අතර හෝටලය විවෘත කිරීමට සැලසුම් කර ඇත්තේ 2013 වර්ෂයේදීය.

මීට පෙර අවස්‌ථාවලදීද වැව් ඉස්‌මත්තේ රක්‍ෂිත වනාන්තර යන්හි හෝටල් හා අනවසර ඉදිකිරීම් පිළිබඳව වාර්තා වූ නමුත් ඒවා කිසි විටෙකත් ඉවත් කරන්නේ හෝ ඉදිකිරීම් නවතා දැමුවේ නැත. ඊට හේතු වූයේ ඒ සියල්ල මෙරට බලවත් දේශපාලන හස්‌තයන් මගින් මෙහෙයවූ නිසාය. එලෙසින්ම කලාවැව ඉස්‌මත්තේ ගොඩ නැගෙන හෝටලයද උතුරු මැද ප්‍රබල දේශපාලන මැදිහත්වීමක ප්‍රතිඵලයකි.

මෙම හෝටලය ඉදි කෙරෙන්නේ කලා වැව රක්‍ෂිතය පටන් ගන්නා වැව් ජලය එක්‌රැස්‌වන ප්‍රදේශයකය. වැව් රක්‍ෂිතයට අයත් වන හෝ වැව ආශ්‍රිතව කිසිදු ගොඩනැගිල්ලක්‌ ඉදිකිරීම නීතියෙන් තහනම් වන තත්ත්වයක්‌ තුළ කිසිදු අතුරු අන්තරාවකින් තොරව මේ හෝටලය ගොඩ නැගෙන්නේ ශක්‍යතා වාර්තාවක්‌ හෝ පරිසර වාර්තාවක්‌ හෝ කැඳවා නොමැති තත්ත්වයක වන පවසිය හැක්කේ පරිසර අධිකාරියකින් හෝටලය ඉදිව ඇති භූමි භාගය පරික්‍ෂා කළහොත් ඒ සඳහා අනුමැතිය ලබා නොදෙන බව සහතික බැවිනි.

පසුගිය උග්‍ර ජල හිඟය මොහොතේදී පවා කලාවැවේ ජල මට්‌ටම අඩුවීමත් සමගම විවිධ හේතු දක්‌වන්නට බලධාරීන් කටයුතු කළ අතර එය "නියඟය" හේතුකොට ඇති වූවක්‌ යෑයි දිගින් දිගටම පවසා තිබිණි.

එහෙත් අනාගතයේ කිසිදු නියඟයක්‌ නොමැතිව වුවද ගොවි තැන සඳහා අවශ්‍ය ජලය කලාවැවෙන් මුදාහරින්නට කටයුතු නොකළ හොත් ඒ ගැනද පුදුම විය යුතු නැත. හෝටලයේ නවාතැන් ගන්නා සුද්දන්ගේ ආතල් වෙනුවෙන් පමණක්‌ කලා වැවේ ජලය යම් ප්‍රමාණයක්‌ රඳවා ගනු ඇත.

මිහින්තල මහකනදරාව වැව් තාවුල්ලේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් නීතිමය ආයතන වලින් හා පරිසර ඇගයීම් වලින් තොරව කාමර 21කින් යුත් නිවාඩු නිකේතනය ඉදිකරන අතර මේ සඳහා අක්කර බාගයක් එළිපෙහෙළි කර තිබෙන බව වාර්තා වෙනවා. වැවට දිය බීමට එන අලි ඇතුන් ඉලක්ක කරගනයි අනවසරයෙන් මෙම ගොඩනැඟිල්ල ඉදිකෙරෙන්නේ

වැවිලි කර්මාන්ත හා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර විසින් හිඟුරක්ගොඩ මින්නේරිය වැව අසල වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 04 ක පමණ ඉඩමක හෝටලයක් ඉදි කිරීමට එරෙහිව "හරිත ව්‍යාපාරය" මගින් නඩු අංක 20/47 යටතේ අභියාචනාධිකරණය හමුවේ නඩුවක්ද පවරා ඇත.

මෙම තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්ති මංත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවපසන්නේ මෙවැන්නක්

"කලා වැව් ඉස්මත්තේ එදා ලඳු කැලෑ තිබුනේ, වතුර ටික පෙරලා තමයි වැවට එව්වේ. බර්ටි ප්‍රේමලාල් දිසානායක මොකද කළේ කලාවැවේ පස් ටික බුරුල් කරලා සුද්දන්ට හෝටල් ගැහුවා. දැන් මොකද වෙලා තියෙන්නේ. පස් ටික හෝදගන ඇවිත් කලා වැව ගොඩවුණා.

එස්.එම් චන්ද්‍රසේකර නාච්චාදූව වැවේ හෝටල් ගහනවා. මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී ඩඩ්ලි අද පරාක්‍රම සමුද්‍රයේ හෝටල් ගහනවා. අර්ල් ගුණසේකර මින්නේරිය වැවේ ජල පෝෂක ප්‍රදේශයේ හෝටල් ගහනවා
"

Read more: http://www.gossip9.com/2012/08/blog-post_7652.html#ixzz2328V4XFE

ලුතිනන්වරිය ගැබ් ගැනීමෙන් හෙළිවූ හමුදා නිලධාරියාගේ කාම සෙල්ලම

කළුතර කුකුලේ ගඟේ හමුදා සෙබළියන්ගේ බිකිනි ප්‍රදර්ශනයක් තැබූ 48 හැවිරිදි හමුදා නිලධාරියා

"ආදර්ශයෙන් පෙරමුණ ගනිමු" යන්න යුධ හමුදා විනයාරක්ෂක බලකාය හෙවත් යුධ හමුදා රෙජිමේන්තු පොලිසියේ ආදර්ශ පාඨයයි. ඒ අනුව අභිමානයෙන් යුතුව යුද හමුදා පොලිසියේ නිල ඇඳුමේ ගෞරවය රකින්නට නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවේ සියලු දෙනාට ආදර්ශයක් වෙමිනි. ඒ තමන්ගේ ආදර්ශ පාඨයට ගරු කරමිනි.

එහෙත් කාමයට පෙරේත වූ දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව යුධ හමුදා පොලිසියේ නිලධාරිනියන්ගේ හා සෙබළියන්ගේ ගෞරවය නැති භංග කර ඔවුන්ගේ ජිවිත විනාශ කර දමන්නට කල නින්දිත ක්‍රියාවක් නිසා යුධ හමුදාවම කැළඹී ගියේය. 


යුධ හමුදා පොලිසියේ කිර්ති නාමය සම්පුර්ණයෙන්ම සිඳී ගියේ මෙම සිද්ධියෙන්ය. ඒ යුධ හමුදා පොලිස් රෙජිමේන්තුවට වගකිව යුතු කර්නල්වරයෙකු ඇතුළු කිහිපදෙනෙකු නිල ඇඳුමේ බලයෙන් කරගෙන ගිය කාම සෙල්ලම කරලියට පැමිණීම නිසාය. 


මෙය කරලියට එන්නේ අදාල කර්නල්වරයා හා මේජර්වරයකු අතින් ගැබ්ගත් බව කියන දෙවන ලුතිනන්වරියකගේ සිද්ධිය නිසාය. මිට ඉහතදීත් මෙවැනි ස්ත්‍රී දුෂණ හමුදාව තුලම කල නිලධාරීන් නොසිටියේද නොවේ. 


වරෙක මඩකලපුවේ කඳවුරක කර්නල්වරයෙකු තම හමුදා රියදුරුව කඳවුරේ සිරමැදිරියේ දමා ඔහුගේ බිරිදගෙන් ලිංගික අල්ලස් ගෙන අසුවිය. දෙවන ලුතිනන්වරියකටද හදිකල එම කර්නල්වරයට අවසානයේ හමුදා සේවය අතහැර යන්නට සිදුවුයේ කමාතුරයකු ලෙසිනි. මෙවැනි කමාතුරයකුගේ තත්වයට පත් කර්නල්වරයා අසුවන්නේ විනය රකින යුද හමුදා පොලිසියටමය. 

මොහු එම බලකායේ වගකිවයුතු නිලයක් රකින්නකු ලෙසත් දී තිබුනේ නියම ආදර්ශයකි. රාත්‍රිය වන තුරු පොල්හේන්ගොඩ කඳවුරේම ලගිමින් බීමතින් රඟන මොහු නිසා අසරණ තත්ත්වයට පත් බොහෝ දෙනෙකු ගැන දැන් හෙලිවන්නේය. 

විවිධ වැරදි වලට යුද හමුදා පොලිසියේ පරීක්ෂණවලට ලක්ව සිටින තම සැමියන් වෙනුවෙන් ශරීරය උකස් කරන්නට සිදුවූ ඇතැම් බිරින්දෑවරු ගැනද මේ හරහා තොරතුරු හෙලිවන්නේය. 

ඇතැම් නිලධාරීන් අසුවී ඇත්තේ වන්නියේ සිට යකඩ පැටවීමේ චෝදනාවන්, හමුදාවෙන් පෙට්‍රල් බෑම, හමුදා සේවයේ සිටියදී පැනයාම වැනි චෝදනවලටය. එම චෝදනාවලින් තම සැමියන් බේරා ගන්නට මෙම කාමාතුරයන් වෙත සිරුරු පුදන්නට තරම් අවාසනාවන්ත තත්ත්වයක් තිබු බව හෙළිවී ඇත්තේය. 


රණවිරුවන් හිස මුදුනින් පිලිගන්නා මොහොතක මෙවන් අය නිසා හමුදාවට වන කැලල මකා දැමිය නොහැකිය. 


තම සැමියන්ගේ රස්සාව රැකගැනීම වෙනුවෙන් රතු පොලිසියේ නිල ඇඳුමට බිය වී තම සිරුර උකස් කල කාන්තාවන් අතර පාසල් ගුරුවරියක්ද සිටීම කණගාටුවට කරුණකි. මේ සියලු කරන සැඟව තිබුනත් කරලියට පැමිණෙන්නේ යුද හමුදා පොලිසියේම දෙවන ලුතිනන්වරිය ගැබ් ගැනීමත් සමගය. ඇය යුද හමුදා පොලිසියේ එකසිය පනහකට පමණ අණදෙන නිලධාරිනියක්ද වුවාය.


මෙම නිලධාරිනිය අපයෝජනයට ලක්කළා යයි කියන සිද්ධියෙන් පසුව ඇයව ගැබ්ගෙන ඇත. ඇය සමග එක් වී පසුව උපත් පාලන පෙති ලබා දුන්නද දෛවයේ සරදමක් මෙන් ස්වභාව ධර්මයාගේ දඬුවමක් නිසා එම ගැබ විනාශ වුයේ නැත. 


ඊට හේතු වුයේ මෙම දරු ගැබ ගර්භාෂයෙන් පිටත පැලෝපිය නාලයක පිළිසිඳ ගැනීමය. මේ නිසා කිසිඳු පරික්ෂාවකට අසු නොවුණු මෙම දරු ගැබ ගැන හෙලිවුයේ මාස කිහිපයකට පසුවය. එහිදී එය ගබ්සා කිරීමට යාමෙන් සියල්ල වරදිනි. නාරාහේන්පිට පෞද්ගලික රෝහලක සිටි ඇය අධික රුධිර වහනය නවතා ගත නොහැකිව යුද හමුදා රෝහලට ඇතුලත් කරන ලදී. 

සියලු දේ එතැන් සිට කණපිට පෙරළුණි. නිල ඇඳුමේ බලයෙන් මෙතෙක් වසාගෙන සිටි කමාතුරයාගේ හෙළුව එලියට එන්නේ එතැන් පටන්ය. 


ජුලි 13 වැනි සිකුරාදා පැලෝපිය නාලයේ සිදුවූ දරු උපතක් නිසා රෝහල් ගතකල දෙවැනි ලුතිනන්වරියගේ රහස් එළිවිය. එය හමුදාවේ කාගේත් කනට වැටුණු රහසක් ලෙස තබා ගැනීමට නොහැකි විය. 


යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසුරිය මහතාට මේ බව වාර්තාවීමෙන් පසු වහාම පරීක්ෂණයක් කරන්නැයි යුද හමුදා පරීක්ෂණ මණ්ඩලයක් පත් කෙරිණි. වැටුප් හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ලාල් පද්මකුමාරගේ ප්‍රධානත්වයෙන් හමුද පරීක්ෂණ මණ්ඩලය පත් කෙරිණි. 


චෝදනාවට ලක් වූ යුද හමුදා පොලිසියේ කර්නල්වරයා වහාම මුලතිවු කඳවුරට මාරු කරන ලදී. ඒ ජුලි 16 වනදා සිටය.


තම හදිසි මාරුව ඉහල තනතුරක් ලෙස කරගන්නට යුද ලේකම් කාර්යාලයට කතා කල කර්නල්වරයට යුද ලේකම්වරයාගෙන් ඊට ඉඩක් නොලැබුනේය. 


මුලතිවු බලා යාමට පෙරද පොල්හේන්ගොඩ කඳවුරේ පාටියක් දමන්නට කර්නල්වරයා කටයුතු කළේය. කර්නල්වරයා පාටියේම සිටිමින් මේවට අකමැති වූ නිලධාරීහු ද සෙබළු ද එතැන් සිටම මාධ්‍ය වෙත ද මෙම තොරතුරු ලබා දුන්හ.


ඒ තමන්ගේ නිලධාරින්ගේම බිරින්දවරුන්ගෙන් ලිංගික අල්ලස් ගැනීමට කටයුතු කල මෙම අධම ක්‍රියාවන් ඔවුන් පවා අනුමත නොකළ නිසාය. 

යුද හමුදාවේ විනය රකින්නට ගොස් ඉහල නිලධාරියෙකුට කල මෙම සිද්ධියත් සමග යුද හමුදාපතිවරයාට පෙත්සම් ගලාගෙන එන්නටද විය. උද්ගත වූ තත්ත්වය නිසා යුද හමුදා පොලිසිය පරීක්ෂණ භාරදීමට නොහැකි නිසා මෙම පරීක්ෂණ සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය වෙත භාර දුන්නේය. 


යුද හමුදා බුද්ධි අංශය හා යුද හමුදාපති පත් කල පරීක්ෂණය මණ්ඩලය මඟින් ඇරඹු පරීක්ෂණවලට අනුව හමුදා පොලිසියේ කිහිපදෙනෙකු කල සියලු දේ හෙළිවිය. ගැබ්ගත් දෙවන ලුතිනන්වරිය භාවිතා කල පරිඝනකය පරික්ෂා කිරීමේදී බුද්ධි අංශ වෙත යුද හමුදා සෙබළියන් බිකිනි ප්‍රදර්ශනයක්ද හසුකරගත හැකිවිය. 

මෙම දුෂිත නිලධාරීන් විසින් එම ඒකකයට අලුතින් ආරම්භ කල නර්තන කණ්ඩායමේ කාන්තා සෙබළියන් කළුතර කුකුලේගඟ දිය ඇල්ලක් අසලට රැගෙන ගොස් ඇත්තේ මෙහි කතා නායිකාව වන දෙවන ලුතිනන්වරිය ද සමගය. 

එම දිය ඇල්ල අසලදී තම ඇස් පිනවන්නට මෙම සෙබළියන්ට බිකිනිවලින් සරසා මෝස්‌තර නිරූපණ රංගනයක් සේ බිකිනි තරඟයක් පවත්වා ඇත. මෙහි ගන්නාලද ඡායාරුප දෙවැනි ලුතිනන් වරියගේ පරිඝනකයේ තිබී හසුවීමෙන් විනය රකින්නන්ගේ විනය රැකීමට ක්‍රියාකළ අයුරු පෙනී ගියේය. 


මේ නිසාම අදාල නිලධාරියට "බිකිනි ඉබ්බා" ,"බිකිනි රාජයා" යන අන්වර්ථ නමද මේ වන විට පටබැඳි ඇතැයි කියති. 


මේ සම්බන්ධව යුද හමුදා පොලිසිය ඇරඹු පරීක්ෂණවලින් පසුව අදාල නිලධාරියා විසින් රාත්‍රී කාලයට බිමත්ව යුද හමුදා නිලධාරිනියන්ගේ හා සෙබළියන්ගේ දුරකථන මඟින් ලිංගික පහස විඳගන්නට ගත උත්සාහයක්ද හෙළිවන්නට විය. 


මේ බව හෙලිවුයේ යුද හමුදාවේ මුලස්ථානයේ සිටින ඉහල තනතුරක් හොබවන මේජර් ජෙනරාල්වරයකුගේ ඥාති දියණියකට දුරකථන ඇමතුම් දී කාමුක පහස ලබන්නට ගත් උත්සාහයකදිය. කිලිනොච්චියේ සේවය කල දෙවන ලුතිනන්වරියකි. 


ඇය ඇතුළු යුද හමුදා පොලිසියේ ලාන්ස් කොප්‍රල්වරියන් ඇතුළු සිව් දෙනෙකුගෙන් මේ සම්බන්ධව ලබාගත් ප්‍රකාශ වලින් මෙම තොරතුරු අනාවරණය වෙමින් පවතී. වයස අවුරුදු 48 පසුවන මෙම චෝදනා ලද කර්නල්වරයා තම ආශාවන් ඉටුකරගන්නට ගියේ තම දරුවන් මෙන් වූ වයස අවුරුදු විස්සේ පමණ වන නිලධාරිනියන් හා සෙබළියන්ගෙන්ය. 


දුෂිත නිලධාරියා විසින් කිලිනොච්චියේ යකඩ පැටව අසුවූ නිලධාරියකුගේ බිරිදක් වූ එම බළකායේම සෙබළියක තම වුවමනාවන් ඉටු කරගන්නට යොදා ගත්තද ලිංගික අල්ලසක් ලෙස බව ආරංචි මාර්ග කියයි. 


එමෙන්ම වැටුප් හා විශ්‍රාම පදනම මට යුද හමුදා පොලිසියට ගත් නිලධාරීන්ගේ පහස නිවන්නට උපන් අයද යුද හමුදා පොලිසියේ සිටින බවද මෙම පරීක්ෂණ මඟින් හෙළි වෙමින් තිබේ. 


මෙම කර්නල්වරයාගේ පහස නිවන්නට සිටි සාජන් මේජර්වරියන් දෙදෙනෙකු විසින් දැනට රෝහල් ගතකර සිටින දෙවන ලුතිනන්වරියට කර්නල්වරයා මෙම සිද්ධියට ගාවන්න එපා යැයි කියමින් මෙම සිද්ධියේදී චෝදනාවට ලක්වූ මේජර්වරයකු පිටින් යැවීමට බලපෑම් කල බවද අනාවරණය වන්නේය. 

රෝහල්ගතව සිටින දෙවන ලුතිනන්වරියව තම නිල ඇඳුමේ බලය පාවිච්චි කර අදාල කර්නල්වරයාගේ වුවමනාවන් වෙනුවෙන් යොදවන්නට එහි මේජර්වරයකු ද කටයුතු කර තිබුනේය. එම මෙජර්වරයද කර්නල්වරයා සමග එකට කබි යුද හමුදා පොලිසියේ සෙබළියන් බිල්ලට ගත් අයෙකි. 


56 වන ස්නාන්කයේ සිටියදී මිට වසර ගණනකට පෙරදී මෙම මේජර්වරයා කාන්තා නිලධාරිනියක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යද්දී හසු විය. ඉන්පසු කල පරීක්ෂණයකදී මොහු ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ නිලධාරීන් සියයකගෙන් පහලට දැමුවේය. මේ අයුරින් දඬුවම් විඳින ලද මෙම නිලධාරියා නාරාහේන්පිට පොල්හේන්ගොඩ කඳවුරේ කාර්යභාරයක් නොමැති නිලධාරියකු සේ රඳවා ගත්තේය. 


ඔහුට දී තිබුනේ කඳවුරේ අලංකාරය සඳහා මල් වැවීම පරික්ෂවය. අදාල කර්නල්වරයාගේ වහනය පවා උපයෝගී කරගනිමින් කර්නල්වරයා සමග එක්වී විෂමාචාර වැඩවල නිරත වී සිටියේය.

ඒ නිසාම මෙම හමුදා පරීක්ෂණයේදී කර්නල්වරයා බේරීම වෙනුවෙන් තම ලුතිනන්වරිය සමග පම සම්බන්ධතාවයක් පැවැත් වූ බව හෙළි කර වරද පිළිගත්තේය. ලුතිනන්වරිය ද බියට පත්ව එය ඒ අයුරෙන්ම ප්‍රකාශ කළාය. 

දෙදෙනෙකු එකතු වී කල විෂමාචාර ක්‍රියාවලින් පසුව පහල තැනින් ජලය බැස යන්නා සේ මේජර්වරයාගේ කරමතින් සියල්ල ගියේය. පසුගිය සතියේ සිකුරාදා යුද හමුදාපතිවරයා වෙත ලද පරීක්ෂණ වාර්තාවට අනුව මේජර්වරයා හා දෙවන ලුතිනන්වරිය හමුදා සේවයෙන් නෙරප හරින්නට යුද හමුදාපතිවරයා නියෝග කළේය. 


අදාල චෝදනා ලද කර්නල්වරයාට මින් ඉදිරියට උසස්වීම් ලබා නොදීමටත් රෙජිමේන්තුවේ කිසිදු තනතුරක් නොදීමටත් යුද හමුදාපතිවරයා නියෝග කරන ලදී. 


මේ අනුව කර්නල් ධුරයේ සිටිය හැකි උපරිම සේවා කාලය අවසන් කර මෙම කර්නල්වරයා ලබන මාර්තුවේදී විශ්‍රාම ගැන්වීමට නියමිතය. ඒ වනතෙක් මොහු හමුදාවේ රැඳී සිටීමෙන් යුද හමුදා පොලිසියේ කිසිඳු නිලධාරියකු ගැන විශ්වාසයක් ඇති නොවන්නේය. ඒ මෙවන් නිලධාරියකු නිසා තවත් කාන්තා සෙබළියන් අතවරයට ලක්විය හැකි නිසාය. 


යුද හමුදාපතිවරයා කෙටි කාලයක් තුල ගත් තීන්දු තීරණවලට හමුදාවේ බහුතරයක ප්‍රශංසාව හිමි විය. නමුත් අදාල කර්නල්වරයා තවමත් කර්නල් නිලයට සරිලන වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින්නේය. ඔහු තම මාණ්ඩලික රථයට අමතරව රෙජිමේන්තු මධස්ථාන නිලය වෙනුවෙන් ලද මෝටර් රථයද නීති විරෝධී ලෙස මුලතිවුවලට රැගෙන ගොස් ඇත. 


මෙය යුද හමුදා පනත උල්ලංඝනය කිරීමකි. යුද හමුදා පොලිසියේ කිර්තිනාමය බිඳ දමන්නට කටයුතු කල අපකීර්තිමත් ලෙස හැසිරුණු මෙම දුෂිතයන්ට යුද හමුදා පනත අනුව දඬුවම් කල යුතුය. 


දැනට කරන ලද පරික්ෂනවලදිත් බලපෑම් එල්ල වන නිසා මොවුන්ට ලිංගික අල්ලස් දීමට සිදුවී ඇත්තියන්ට එළිපිට ප්‍රකාශ දීමට බියෙන් සිටින බවද දැන ගන්නට ඇත. 


මේ අයුරින් සිටින දුෂිත නිලධාරීන් රෙජිමන්තුවෙන් නෙරපා හැර නොකැළැල් චරිතවලට හිමිකම් කියන දක්ෂ නිලධාරීන් අනික් රෙජිමේන්තුවලින් බඳවා ගෙන සේවය ලබාගත හැකිය.


වෘත්තිමය හමුදාවක් සිටින ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල ද යුද හමුදාවේ විනය රකින්නට එක් එක් රෙජිමේන්තුවලින් දක්ෂ නිලධාරීන් තෝරාගෙන වසර දෙකක පුහුණුව ලබාදී ඇත. ඔවුන් අතිරේක රෙජිමේන්තු සේවාවන්වලට රෙජිමේන්තුව වෙත අනුයුක්ත කර ඵලදායි සේවාවක් ලබන්නේ නම් යළි මෙහි විනය ගොඩනැගිය හැකිය. 

-සුසිත් රාජකරුණා
Friday, August 3, 2012

වීඩියෝවක් නිසා Costa Rica හි සංස්කෘතික ඇමතිවරියට ඉවත්වන්නැයි බලපෑම් (Vice Ministra de Juventud Karina Bolaños)

මධ්‍යම ඇමරිකාවේ රටක් වන කොස්ටා රිකා හි සංස්කෘතික හා තරුණ කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරිය වන කරීනා බොලනෝස්ගේ අඩ නිරුවත් වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට එක්වීම නිස ඇයට එම තනතුර හැර යන ලෙස එරට නීතිවේදීන්ගෙන් බලපෑම් එල්ලවී තිබෙනවා.

39 හැවිරිදි ඇය 2006 වර්ෂයේ සිට එම කැබිනට් ඇමතිධූරය දරන අතර එම වීඩියෝව අන්තර්ජාලයට එක්වී දින තුනක් ඇතුලත මිලියන 2ක් පමණ ජනතාවක් එය නරඹා තිබුණා.

ඒ පිළිබඳව ඇය විසින් CNN රූපවාහිනී සේවය වෙත පවසා තිබුනේ මෙම වීඩියෝව 2007 වසරේ එකක් බවත්, තම ස්වාමියාගෙන් දික්කසාද වීමෙන් පසුව ගන්නා ලද එකක් බවත්ය.

"එය මගේ ඉතාමත් පෞද්ගලික මෙන්ම කලකට පෙර පටිගත කල එකක්. එය මාව ඉතාමත් අපහසුතාවයට පත් කළා. මම කොස්තාරිකන් ජනතාවගෙන් සමාව ඉල්ලනවා විශේෂයෙන් මම නියෝජනය කරන තරුණ තරුණියන්ගෙන්. ඒ වගේම එහි ලජ්ජා විය යුතු කිසිවක් නැහැ. නමුත් මම හිතනවා අසාධාරණයක් උනා කියලා."

වීඩියෝවෙහි ඇය විසින් ස්පාඥ්ඥ භාශාවෙන් තම ආදරවන්තයාට පවසන්නේ "I miss you. I love you with all my soul. And everything that you see here is yours" ලෙසයි.


නිවසේ ආරක්ෂිත කැමරා සවිකිරීමට පැමිණි පරිගනක ඉංජිනේරුවෙකු විසින් එම වීඩියෝව සොරාගන ඇති බවත් ඇගෙන් මුදල් ඉල්ලා එය අන්තර්ජාලය වෙත එක්කළ බවටත් ඇය චෝදනා නඟනවා.

එම වීඩියෝව පහතින්.



ඇගේ ජායාරූප කිහිපයක් පහතින්.






 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.