Powered by Blogger.
Showing posts with label 000යි (Sri Lankan Web Register price is Rs 25000). Show all posts
Showing posts with label 000යි (Sri Lankan Web Register price is Rs 25000). Show all posts
Thursday, August 9, 2012

වෙබ් ලියාපදිංචි ගාස්තුව රු. 25,000යි (Sri Lankan Web Register price is Rs 25000)

නව පුවත් වෙබ් අඩවියක්  ලියාපදිංචි කිරීමේ දී හා ලියාපදිංචි කරන ලද වෙබ් අඩවිවල ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව නව පුවත් වෙබ් අඩවියක් ලියාපදිංචි කිරීම සඳහා ගෙවිය යුතු වන්නේ රුපියල් 25,000 ක් වන අතර, පවත්නා වෙබ් අඩවියක ලියාපදිංචිය දීර්ඝ කිරීමේ දී ගෙවිය යුතු වන්නේ රුපියල් 10,000 ක් පමණක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මීට පෙරාතුව නව පුවත් වෙබ් අඩවියක් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 100,000 ක මුදලක් සහ ලියාපදිංචිය අලුත් කිරීම සඳහා වාර්ෂිකව රුපියල් 50,000 ක මුදලක් අය කිරීමට රජය තීරණය කර තිබිණි.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.