Powered by Blogger.
Showing posts with label සචින්ගේ රසිකයාට ලංකාවේදී අතවර(sachinge rasikaya). Show all posts
Showing posts with label සචින්ගේ රසිකයාට ලංකාවේදී අතවර(sachinge rasikaya). Show all posts
Thursday, August 9, 2012

සචින්ගේ රසිකයාට ලංකාවේදී අතවර(sachinge rasikaya)

ඉන්දියානු ක්‍රිකට් ලෝලියකුට අපහසු වන අන්දමින් හැසිරුනා යයි එල්ල වූ චෝදනාවක් මත ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති 4 වන එක් දින තරඟයේ දී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ව දිරිමත් කිරීම සඳහා ඉන්දියානු කොඩිය වනමින් ඔල්වරසන් දුන් ඉන්දීය ප්‍රේක්ෂකයකු හට ඉන්දියානු කොඩිය වෙනුවට ශ්‍රී ලංකා කොඩිය වනමින් ලාංකික ක්‍රිකට් පිලට සහය දක්වන ලෙස ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් පිරිසක් විසින් බල කර තිබීම මෙලෙස ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට හේතුව බව
විදෙස් වාර්තා සඳහන් කර සිටිනවා.

මෙලෙස ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් විසින් හිරිහැරයට ලක් වූ ඉන්දීය ක්‍රිකට් ලෝලියා ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දූල්කාර් ගේ ප්‍රභල
ආධාර කරුවෙකු වන අතර සචින් තෙන්ඩුල්කාර් සහභාගී වන සෑම තරඟයක් ම නැරඹීමට ඔහු ලොව පුරා ඕනෑම රටකට යන බව ද වාර්තා වනව.

කෙසේ නමුත් මෙලෙස අත් අඩංගුවට පත් වන විට ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් බීමත් ව සිට ඇති බව
කැමිලස් අබේගුණවර්ධන මහතා ප්‍රකාශකොට තිබේ.

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.