Powered by Blogger.
Showing posts with label නියෝජ්‍ය ඇමති සරණ තවත් කප්පමක් ගනී( amathi kappam ganiiii). Show all posts
Showing posts with label නියෝජ්‍ය ඇමති සරණ තවත් කප්පමක් ගනී( amathi kappam ganiiii). Show all posts
Thursday, August 9, 2012

නියෝජ්‍ය ඇමති සරණ තවත් කප්පමක් ගනී( amathi kappam ganiiii)

ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍යවරයා වන සරණ ගුණවර්ධන විසින් ජනතාවගෙන් කප්පම් ඉල්ලූ සිද්ධීන් වාර්තා වුනේ වරක් දෙවරක් නොවේ.

ගම්පහ ප්‍රදේශයේ යම් යම් ඉදිකිරීම් කරගන යාමට අවශ්‍ය නම් ඇමතිවරයාට කප්පම් ගෙවිය යුතු වාතාවරණයකුයි ගොඩ නැඟී තිබෙන්නේ.

ඉන්ධන පිරවුම් හලක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අවසර පත ලබා දීමට ලක්ෂ 80 ක කප්පම් මුදලක් ගැනීම මෙන්ම මෙන්ම මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 250 ක කප්පමක් ගැනීම ඒ අතර ප්‍රධාන වුණා.


ඒ ඒ අවස්ථාවන් වලදී පීඩනයට ලක් වූවන් ජනාධිපතිතුමන් හා ආරක්ෂක ලේකම් තුමන් ඇතුළු සියළු වගකිවයුතු නිළධාරීන් හට පැමිනිළි කළ බවට වාර්තා වූ නිසා සරණ අසරණ වේයැයි බොහෝ දෙනා සිතුව නමුත් එම පැමිණිලි වලින් පලක් නොවූ බව පැහැදිළි වන්නේ අමාත්‍ය වරයා විසින් නැවතත් කප්පමක් ලබාගත් බව ව්‍යාපාරිකයෙකු විසින් පොලීසියට පැමිණිළි කිරීමත් සමඟය.


නිට්ටඹුව හොරගොල්ල වත්තේ "ග්‍රීන් පාර්ක්" නිවාස සංකීර්ණයේ වැඩ යළි ඇරැඹීමට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ අවසරය ලබාදීමට යයි කියමින් රුපියල් කෝටි 2 ක කප්පම් මුදලක් ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා වන සරණ ගුණවර්ධන විසින් ඉල්ලා තිබෙනවා.

මේ සඳහා දින රහිත චෙක්පත් දෙකක් හා රුපියල් ලක්ෂ 50ක මුදලක් ඔහු විසින් මේ වන විට ලබාගන ඇති බවයි වාර්තා වෙන්නේ.

පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ කොළඹ වෝඩ් පෙදෙසේ ඉදිකිරීම් සමාගමක කලමණාකර අධ්‍යක්ෂ වරයකු වන දුමින්ද ලියනගේ නැමැති අයෙකු විසිනුයි.

නිවාස 350ක් ඉදිකිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය සඳහා අදාල සමාගම විසින් නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසරද ලබාගන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ මුලින් කෝටි 2ක් හා පසුව කෝටි තුනහමාරක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවද පැමිණිල්ලේ සටහන්ව ඇති බවයි.

ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් කප්පම් ගන්නා අයෙක් වූ විට එම සංස්ථාවෙන්ම ගෙන්වූ බාලතෙල් සඳහා කොමිස් මුදල් ලබාගන නැතැයි කාට නම් කිව හැකිද?

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.