Powered by Blogger.

වැව් වල වතුර ඇරියේ ඇමතිවරුන්ට හෝටල් හදන්නද?

Thursday, August 9, 2012

රජරට වැව් හිඳියාමෙන් මේ දිනවල අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශ වල ජනතාව දැඩි පීඩාවකට ලක්වී සිටිනවා.

මේ සඳහා චෝදනා නැඟෙන්නේ රජයේ ඇමතිවරුන්ටයි. ඔවුන් රජරට වැව් ඉස්මත්තේ හෝටල් හදන නිසා එම ඉදිකිරීමේ කර්මාන්ත කරගන යෑමට වැව් වල ජලය අඩු කිරීමෙන් මෙම විපත සිදුවූ බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

වැව් ඉස්මත්තේ හෝටල්, සංචාරක නිකේතන ඉදිකරන බවට චෝදනා නැඟෙන ඇමතිවරුන් අතර මෛත්‍රීපාල සිරිසේන, එස්.එම් චන්ද්‍රසේකර, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර අර්ල් ගුණසේකර මෙන්ම උතුරුමැද පළාත් මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් ද වෙනවා.


කලා වැවේ වැස් ඉස්මත්තේ ඉදිකරමින් පවතින හෝටලයේ පසුගිය මාස කිහිපය වනවිට මහල් හතරක්‌ පමණ ඉදිකර අවසන්ව තිබුණු අතර තවමත් පූර්ණ වශයෙන් වැඩ අවසන් කර නැහැ. මේ හෝටලයේ බිම් මහල බෝට්‌ටු අංගනයක්‌ ලෙස සැකසීමට කටයුතු යොදා ඇති අතර හෝටලය විවෘත කිරීමට සැලසුම් කර ඇත්තේ 2013 වර්ෂයේදීය.

මීට පෙර අවස්‌ථාවලදීද වැව් ඉස්‌මත්තේ රක්‍ෂිත වනාන්තර යන්හි හෝටල් හා අනවසර ඉදිකිරීම් පිළිබඳව වාර්තා වූ නමුත් ඒවා කිසි විටෙකත් ඉවත් කරන්නේ හෝ ඉදිකිරීම් නවතා දැමුවේ නැත. ඊට හේතු වූයේ ඒ සියල්ල මෙරට බලවත් දේශපාලන හස්‌තයන් මගින් මෙහෙයවූ නිසාය. එලෙසින්ම කලාවැව ඉස්‌මත්තේ ගොඩ නැගෙන හෝටලයද උතුරු මැද ප්‍රබල දේශපාලන මැදිහත්වීමක ප්‍රතිඵලයකි.

මෙම හෝටලය ඉදි කෙරෙන්නේ කලා වැව රක්‍ෂිතය පටන් ගන්නා වැව් ජලය එක්‌රැස්‌වන ප්‍රදේශයකය. වැව් රක්‍ෂිතයට අයත් වන හෝ වැව ආශ්‍රිතව කිසිදු ගොඩනැගිල්ලක්‌ ඉදිකිරීම නීතියෙන් තහනම් වන තත්ත්වයක්‌ තුළ කිසිදු අතුරු අන්තරාවකින් තොරව මේ හෝටලය ගොඩ නැගෙන්නේ ශක්‍යතා වාර්තාවක්‌ හෝ පරිසර වාර්තාවක්‌ හෝ කැඳවා නොමැති තත්ත්වයක වන පවසිය හැක්කේ පරිසර අධිකාරියකින් හෝටලය ඉදිව ඇති භූමි භාගය පරික්‍ෂා කළහොත් ඒ සඳහා අනුමැතිය ලබා නොදෙන බව සහතික බැවිනි.

පසුගිය උග්‍ර ජල හිඟය මොහොතේදී පවා කලාවැවේ ජල මට්‌ටම අඩුවීමත් සමගම විවිධ හේතු දක්‌වන්නට බලධාරීන් කටයුතු කළ අතර එය "නියඟය" හේතුකොට ඇති වූවක්‌ යෑයි දිගින් දිගටම පවසා තිබිණි.

එහෙත් අනාගතයේ කිසිදු නියඟයක්‌ නොමැතිව වුවද ගොවි තැන සඳහා අවශ්‍ය ජලය කලාවැවෙන් මුදාහරින්නට කටයුතු නොකළ හොත් ඒ ගැනද පුදුම විය යුතු නැත. හෝටලයේ නවාතැන් ගන්නා සුද්දන්ගේ ආතල් වෙනුවෙන් පමණක්‌ කලා වැවේ ජලය යම් ප්‍රමාණයක්‌ රඳවා ගනු ඇත.

මිහින්තල මහකනදරාව වැව් තාවුල්ලේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් නීතිමය ආයතන වලින් හා පරිසර ඇගයීම් වලින් තොරව කාමර 21කින් යුත් නිවාඩු නිකේතනය ඉදිකරන අතර මේ සඳහා අක්කර බාගයක් එළිපෙහෙළි කර තිබෙන බව වාර්තා වෙනවා. වැවට දිය බීමට එන අලි ඇතුන් ඉලක්ක කරගනයි අනවසරයෙන් මෙම ගොඩනැඟිල්ල ඉදිකෙරෙන්නේ

වැවිලි කර්මාන්ත හා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර විසින් හිඟුරක්ගොඩ මින්නේරිය වැව අසල වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 04 ක පමණ ඉඩමක හෝටලයක් ඉදි කිරීමට එරෙහිව "හරිත ව්‍යාපාරය" මගින් නඩු අංක 20/47 යටතේ අභියාචනාධිකරණය හමුවේ නඩුවක්ද පවරා ඇත.

මෙම තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්ති මංත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවපසන්නේ මෙවැන්නක්

"කලා වැව් ඉස්මත්තේ එදා ලඳු කැලෑ තිබුනේ, වතුර ටික පෙරලා තමයි වැවට එව්වේ. බර්ටි ප්‍රේමලාල් දිසානායක මොකද කළේ කලාවැවේ පස් ටික බුරුල් කරලා සුද්දන්ට හෝටල් ගැහුවා. දැන් මොකද වෙලා තියෙන්නේ. පස් ටික හෝදගන ඇවිත් කලා වැව ගොඩවුණා.

එස්.එම් චන්ද්‍රසේකර නාච්චාදූව වැවේ හෝටල් ගහනවා. මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී ඩඩ්ලි අද පරාක්‍රම සමුද්‍රයේ හෝටල් ගහනවා. අර්ල් ගුණසේකර මින්නේරිය වැවේ ජල පෝෂක ප්‍රදේශයේ හෝටල් ගහනවා
"

Read more: http://www.gossip9.com/2012/08/blog-post_7652.html#ixzz2328V4XFE
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.