
වැල්ලවත්තේ සැවොයි සිනමාහලද 3D තාක්ෂණයක් යුත් සිනමාහලක් ලෙස නවීකරණය කර ඇති අතර හෙට (26) දා සිට ත්‍රිමාණ සිනමාහලක් ලෙස විවෘත වීමට නියමිතයි. ඒ අනුව ප්‍රථම ත්‍රිමාන චිත්‍රපටය ලෙස හෙට තිරගතවන්නේ Ice Age-4 චිත්‍රපටයයි.
මෙතෙක් ලංකාවේ භාවිතා කළ 2K ප්‍රොජෙක්ටර්ස් (2048×1080, 2.2MP) වෙනුවට නවීන 4K ප්‍රොජෙක්ටර්ස් (4096×2160, 8.8MP) මෙහි භාවිතා කරනු ලබන අතර එමඟින් Full HD තාක්ෂණයට වඩා 4 ගුණයකින් ඉහළ ගුණාත්මකතාවයක් නරඹන්නාට ලබාගැනීමට පුළුවන.
ආසන 715ක් හා බොක්ස් 8කින් ද යුත් මෙම සිනමා ශාලාවේ, ලංකාවේ කිසිදු සිනමා ශාලවක මෙතෙක් භාවිතා කර නොමැති සිල්වර් ස්ක්‍රීන් යොදාගැනෙන අතර එම නවීකරන කටයුතු සඳහා මිලියන 100ක මුදලක් වැය කර තිබෙනවා.
ගෝල්ඩ් ක්ලාස් ටිකට්පතක් රු.650/-ක් ද, ODC ටිකට්පතක් 400/-ක් ද වන අතර ඩයලොග් දුරකථනයෙන් 444 ඇමතීමෙන් මෙන්ම අන්තර්ජාලය හරහා තමන්ගේ ආසනය වෙන්කිරීමේ හැකියාවද පවතිනවා.
0 comments:
Post a Comment