Powered by Blogger.
Showing posts with label සැවෝයි සිනමාහලත් 3D වෙයි. Show all posts
Showing posts with label සැවෝයි සිනමාහලත් 3D වෙයි. Show all posts
Wednesday, July 25, 2012

සැවෝයි සිනමාහලත් 3D වෙයි

ලංකාවේ පලමු ත්‍රිමාණ සිනමා ශාලාව මැජස්ටික්සිටි වෙළඳ සංකීර්ණයේ MC 3D Superior ලෙස විවෘතවූ බව මීට පෙර ලිපියකින් අප ගෙන ආවා.

වැල්ලවත්තේ සැවොයි සිනමාහලද 3D තාක්ෂණයක් යුත් සිනමාහලක් ලෙස නවීකරණය කර ඇති අතර හෙට (26) දා සිට ත්‍රිමාණ සිනමාහලක් ලෙස විවෘත වීමට නියමිතයි. ඒ අනුව ප්‍රථම ත්‍රිමාන චිත්‍රපටය ලෙස හෙට තිරගතවන්නේ Ice Age-4 චිත්‍රපටයයි.


මෙතෙක් ලංකාවේ භාවිතා කළ 2K ප්‍රොජෙක්ටර්ස් (2048×1080, 2.2
MP) වෙනුවට නවීන 4K ප්‍රොජෙක්ටර්ස් (4096×2160, 8.8MP) මෙහි භාවිතා කරනු ලබන අතර එමඟින් Full HD තාක්ෂණයට වඩා 4 ගුණයකින් ඉහළ ගුණාත්මකතාවයක් නරඹන්නාට ලබාගැනීමට පුළුවන.

ආසන 715ක් හා බොක්ස් 8කින් ද යුත් 
මෙම සිනමා ශාලාවේ, ලංකාවේ කිසිදු සිනමා ශාලවක මෙතෙක් භාවිතා කර නොමැති සිල්වර් ස්ක්‍රීන් යොදාගැනෙන අතර එම නවීකරන කටයුතු සඳහා මිලියන 100ක මුදලක් වැය කර තිබෙනවා.

ගෝල්ඩ් ක්ලාස් ටිකට්පතක් රු.650/-ක් ද, ODC ටිකට්පතක් 400/-ක් ද වන අතර ඩයලොග් දුරකථනයෙන් 444 ඇමතීමෙන් මෙන්ම අන්තර්ජාලය හරහා තමන්ගේ ආසනය වෙන්කිරීමේ හැකියාවද පවතිනවා.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.