Powered by Blogger.

ගමේ කෙල්ලන් ගණිකා වෘත්තියේ යොදවන ජාවාරමක් (Sri lanka Ganikawo part 4)

Sunday, June 10, 2012

දුර බැහැර දුෂ්කර ගම්මානවල පදිංචි තරුණියන් රවටමින් රැකියා ලබාදීමට යැයි පවසා කොළඹට රැගෙනවිත් තර්ජනය කොට බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන ජාවාරමක් පිළිබදව ලැබී ඇති තොරතුරු මත  පොලිසිය මේ දිනවල දැඩි අවධානයෙන් සිටින බව ‘ලක්බිම’ පුවත්පත වාර්තා කරයි.
ඒ සම්බන්ධයෙන් ‍පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක්ද ලැබි තිබේ. මෙම පැමිණිල්ල කර ඇත්තේද නුවරඑළියෙන් කොළඹට එසේ රැගෙන  ආ තරුණියක් එම ජාවාරම් කරුවන්ගෙන් මිදී පලාවිත්ය.
‍පොලිසියට එම තරුණිය පවසා ඇත්තේ නුවරඑළියෙන් තමා කොළඹට රැගෙන පැමිණි පුද්ගලයා කොළඹදී පුද්ගලයෙකුට අලෙවි කළ බවය. එසේ මිලදීගත් තැනැත්තා ඇය ගණිකා වෘත්තියේ යොදවා ඇතැයි ද පැවසේ.
තමා මෙන්ම නැගෙනහිර පළාතින් රැගෙන පැමිණි තරුණියන් කිහිප දෙනෙකුද සිරකරගෙන ගණිකා වෘත්තියේ යොදවන බවද ඇය වැඩි දුරටත් හෙළිකර ඇත.

Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.