Powered by Blogger.

ශී‍්‍ර ලංකාවට ලකුණු 76ක ජයක් !

Sunday, June 10, 2012

මහනුවර පල්ලේකැළේ කී‍්‍රඩාංගණයේදී ඊයේ (09) පැවති දෙවැනි එක්දින කි‍්‍රකට් තරගයෙදී ශ‍්‍රී ලංකා කණ්ඩායම විසින් පාකිස්තාන කණ්ඩායම ලකුණු 76 කින් පරාජයට පත්කිරීමට සමත් විය.
තරග පහකින් සමන්විත මෙම එක්දින කි‍්‍රකට් තරගාවලියේ දෙපිලම මේ වන විට එක් තරගය බැගින් ජය ගනිමින් 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවේ.
ප‍්‍රවේගවත් පිතහරඹයක යෙදුණු තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලබා ගත් ලකුණු 119 සහ තිසර පෙරේරාගේ දක්ෂ පන්දු යැවීම (44/6) ශී‍්‍ර ලංකා පිලට ජයග‍්‍රහණයේ අඩිතාලම දමා දුන්නේය.
ඩිල්ෂාන් පන්දු 139 කදී හතරේ පහර 11 සහ එක් හයේ පහරක් සමගින්  නොදැවී ලකුණු 119 රැස් කිරීමට සමත් විය.
කාසියේ වාසිය ලැබු ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කිරීමෙන් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 4 ක් දැවී ලකුණු 280 රැස් කර ගත්තේය.
පිළිතුරු ඉනිම කී‍්‍රඩාකල පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 46.2 කදී සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 204 ක් පමණි.
තරගයේ වීරයා සම්මානය තිසර පෙරේරා විසින් දිනා ගත්තේය.
ශ‍්‍රී ලංකාව (පන්දුවාර 50 කදී) 280/4
(තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 119 , දිනේෂ් චන්දිමාල් 32, මහේල ජයවර්ධන 53, තිසර පෙරේරා 24)
පාකිස්තානය (පන්දුවාර 46.2 කදී) 204
(අෂ්හර් අලී 96, මිස්බා උල් හක් 27, සර්ෆාෂ් අහ්මඕ 20, තිසර පෙරේරා 44/6, නුවන් කුලසේකර 33/2, ලසිත් මාලිංග 40/2)

Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.