Powered by Blogger.

නිමන්ති සැමියගෙ කෙරුවාව පත්තරේ දාලා !

Sunday, June 10, 2012

භාර්යාවෝ ටෙලිය හරහා මේ දිනවල පේ‍්‍රක්‍ෂක අවධානය දිනාගෙන සිටින ජනපි‍්‍රය නිළි නිමන්ති පෝරගේ සිය සැමියාගේ විස්තරයක් පත්තරේ දමා ඇතැයි වාර්තා වේ.
එම ටෙලියේ ඇය රගපානු ලබන්නේ දරුවන් සිවුදොනකුගේ වැඩ තනියම කරගන්නා අවිවේකී බිරිඳකගේ චරිතයකි.
නොඑසේ නම් නිමන්ති එහි රගන්නේ ඇගේ සැමියාගෙන් ඇගේ ගේදොර වැඩට තඹ දොයිතුවක සහයක් හෝ නොලැබෙන බිරිඳකගේ චරිතයකි.
අදාල චරිතය තම සැමියා වන ප‍්‍රභාත්ට සමකර සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම නිසා ප‍්‍රභාත් දැඩි අපහසු තාවයකට ලක්ව ඇති බවද පැවසේ.
ඇය එහිදී ‘මම ගත කරන්නෙත් වින්ද්‍යා වගේම අවිවේකී ජීවිතයක්. වෙනසකට තියෙන්නේ වින්ද්‍යාට දරුවෝ 4 දෙනයි. මට එක දරුවයි.’ යනුවෙන්ද පවසා තිබේ.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.