Powered by Blogger.

කටුගේ හොරා කොටුවේ!

Monday, June 11, 2012

කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ කෞතුකාගාරයේ පුරාවස්තු කීපයක් පසුගියදා අතුරුදහන් වීමේ පුවත මීට පෙර අප වාර්තා කලා. එම සොරකම සිදු වුයේ මාර්තු මාසයේ වන අතර තවමත් එම පුරාවස්තු සොයාගැනීමට හැකි වුයේ නැහැ.

මාධ්‍යය වාර්තා කරන පරිදි මේ වනවිට පුරාවස්තු මංකොල්ලය සිදු කල පුද්ගලයා සොයා ගෙන ඇති බවත් ඔහු සතුව කෞතුකාගාරයෙන් අතුරුදන්වූ භාණ්ඩ රැසක් පතින බවත්ය. මේ පුවත නම් ගම සහිතව ප්‍රසිද්ධ නොකරන්නේ එවිට එම පුද්ගලයා රටින් පන යාමට උත්සාහ කරන නිසා බව රිවිර පුවත් පත අවධාරණය කර සිටි.

ඉදිරි දින කිහිපය තුලදී මෙම සැකකරු කොටු කරගැනීමට හැකිව වන බවද එහි අනාවැකි පලකොට තිබුණි.


කෙසේ නමුත් මෙයට ස්වල්ප කාලයකට පෙර අපට විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුනේ ඉහල නිලධාරියෙකුගේ නියෝගයක් මත ක‍ටුනායක අන්තර් ජාතික ගුවන් තො‍ටුපලේ පිටව යාමේ අංශයේ රේගුවට අයත් ස්කෑනර් යන්ත්‍රය ක්‍රියා විරහිතකොට තැබූ බවයි.

ඒ අනුව ඕනෑම භාණ්ඩයක් පරීක්ෂාවකින් තොරව රටින් බැහැර කිරීමට පසුගිය දින කීපයේදී අවස්ථාව ලැබී තිබුණි.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.