Powered by Blogger.

කොළඹ විශ්ව විද්‍යාලයේ ලිංගික අතවරයක් (colombo university rape case)

Monday, June 11, 2012

කොළඹ විශ්ව විද්‍යාලයේ නව සිසුවියන් පිරිසකට ලිංගික අතවර කර ඇතැයි අප වෙත වාර්තා වේ.ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් මෙය මෙහෙයවා ඇති අතර එම සිදුවීමට ලක්වූ සිසුවියන් පිරිස නිර්නාමිකව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇත.

එම පැමිණිල්ලට අනුව ජේෂ්ඨ ශිෂ්‍යන් පිරිසක් විසින් සිසුවියන් පිරිසකට විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඇති ශාලාවකට ඇතුලත් වන ලෙස අණ කොට ඇත.එම ශාලාව අදුරු සහගත එකක වන අතර ඉන් අනතුරුව ජේෂ්ඨ සිසුවන් විසින් ඔවුන්ට බිම දිගා වි සිටින ලෙස අණ කර ඇත.


ඉන් පසුව නවක සිසුවියන් ලවා ජේෂ්ඨ සිසුවන් සම්භාහනය කරගැනීම ආදී නොයෙක් ක්‍රියා සිදු කරගෙන ඇති අතර ශාලවේ ඇති අඳුරු ස්වභාවය හේතුවෙන් ජේෂ්ඨ සිසුන්ගේ මුහුණු හදුනාගැනීමට නොහැකි වී ඇත.

විශ්ව විද්‍යලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අනුශාසක ප්‍රේමකුමාර ද සිල්වා මහතා මහතා මෙවන් සිදුවීමක් සිදුවී ඇති බවට පිළිගෙන ඇති අතර උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වන එස්.බි දිසානායක මහතාද මෙම සිදුවීම කෙරේ පෞද්ගලික අවධානය යොමුකොට ඇත
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.