Powered by Blogger.

සරත් ෆොන්සේකා ජීවිත කතාව ලියයි(Sarath Fonseka write autobiography)

Monday, June 11, 2012

හිටපු හමුදපති සරත් ෆොන්සේකා මහතා තම ජීවිත කතාව පොතක් ලෙස එළි දැක්වීමට බලාපොරොත්තු වෙනවා.

මේ අනුව තම කුඩා කාලය, වසර 40ක හමුදා දිවිය හා එහි අත්දැකීම් එක පොතක් ලෙසද, හමුදාපති තනතුරින් සමුගැනීමෙන් පසු වසර ගණනක් සිරගතව ගෙවූ අත්දැකීම් ඇතුළු සිදුවීම් තවත් පොතක් මඟින්ද ලෙසින්ද එළිදැක්වීමටයි නියමිතව තිබෙන්නේ.

මේ අතර සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය ලබාගැනීම සඳහ විපක්ෂය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන එන්නට කෙටුම්පත් කර තිබු යෝජනාවට සරත් ෆොන්සේකා මහතාම විරුද්ධ විය.


එබැවිත් බොහෝ දෙනක් අතර කටකතාවක් පැතිරී ගියේ සරත් ෆොන්සේකා මහතා ආණ්ඩුවට සමබන්ධවීමට නියමිත බයි. ඒ පිළිබඳව ඔහු පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්

ඔබේ දේශපාලන අනාගතය සැලසුම් කර තිබෙනවාද?
ඔව්. මගේ ප්‍රතිපත්ති මාලාව පිටු 40ක, 50ක් එකක්. එය මා ඉදිරියේදී ජනතාව අතර තබනවා. ඒ අනුව ඉදිරියට යන්න මා උත්සාහ කරනවා. පවතින දේශපාලන සංස්කෘතිය රටට හොඳ ක්‍රමයක් නොවේ. ඒවා ගැන තේරුම් ගෙන කතා කරනවට සමහරු කැමති නැහැ. ඔවුන් හදන්නේ ඒක වලක්වන්න්න. රටට හරි ගියොත් නිකම්ම අපටත් හරියනවා.

සමහරු කියනවා ඔබට ලැබුණු මේ සමාව ආණ්ඩුවත් එක්ක කරන ඩීල් එකක් කියල?
එහෙම ඩීල් එකක් තියනවා නම් මට හිරගෙදර පොල් සම්බෝලයි පරිප්පුයි කකා මීයොයි, කැරපොත්තොයි එක්ක අවුරුදු 2 1/2ක් ජීවත් වෙන්න ඕනෙද?

ඩීල් එකක් දැම්ම නම් මට අහිමි කරගන එළියට එන්න ඕනෙත් නැහැ. එහෙම කරනවා නම් මට කලින් කරන්න තිබුණා. එහෙම නම් මේ තරම් සාකච්ජා තියන්න, උද්ඝෝෂණ කරන්න අවශ්‍යත් නැහැ
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.