Powered by Blogger.

දුමින්දාගමනය ළඟදීම

Wednesday, July 25, 2012

දුමින්දාගමනය යනු ළඟදීම තිරගත වීමට නියමිත චිත්‍රපටයක් නොවේ. එහෙත් පොදු ජනයාගේ දෑස් ඉදිරිපිට තිරගත වීමට නියමිත සැලසුමකි. මුල්ලේරියාවේ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ දුමින්ද සිල්වා සුව වී ඇති බවත් ජුලි මස ලංකාවට පැමිණෙන බවත් මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

අවාසනාවකට මෙන් එතුමාට මුල්ලේරියාවේ වෙඩි තැබීමේ සිදුවීම පිලිබඳ මතකයක් නොමැත. දුමින්දගේ මතකය කෙසේ වෙතත් දුමින්ද නැවත ලංකාවට පැමිණීම ඉහලින් සැමරීමට මේ දිනවල කටයුතු යෙදෙමින් පවතී.

මෙහි තේමාව වන්නේ "දුමින්දාගමනයයි" දුමින්දාගමනය නම් වූ පෝස්ටරයක් කොළඹ නගරය පුරාවට ඇලවීමට මුද්‍රණය කිරීම සඳහා මරදානේ මුද්‍රණ කාර්යාලකට ලබාදී තිබේ.

මිට අමතරව දුමින්ද කටුනායක ගුවන් තොටුපලට පැමිණෙන විට 50,000 කට අධික පිරිසක් එහි රැස්වී ඔහු පිළිගෙන මල් මාලා දමා ඔහුව ගෙදර ගෙන යාමටද සුදානම්කොට ඇත.

මේ ජන ගඟ රැස්කිරීම පසුපස වෙනත් සැලසුමක් ඇතිබව වාර්තාවන අතර ඒ පිළිබඳව නුදුරේම දැනගැනීමට හැකිවනු ඇත.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.