Powered by Blogger.

IPL තරඟ පාවා දෙන්නට අපේ ක්‍රීඩකයෙකුට රු. කෝටි 24 ක්

Monday, May 21, 2012

ඉන්දීය දූෂණ මර්දන ඒකකය විසින් ක්‍රිකට් ක්‍රීඩකයන් හට තරඟ පැරදවීම සඳහා මුදල් ලබා දුන් බවට සැක කරමින් ඉන්දීය ඔට්ටු කරුවන් වන සෝනු යෝගේන්ද්‍ර ජාලන් සහ දේවේන්ද්‍ර කෝතාරි පසුගිය 17 වන දින අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී කළ ප්‍රශ්ණ කිරීම් හමුවේ සෝනු යෝගේන්ද්‍ර පවසා තිබෙන්නේ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයකු ටද එලෙස මුදල් ලබා දුන් බවයි. ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 10 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 24ක් පමණ) ශ්‍රී ලාංකීය ක්‍රීඩකයාට ලබා දුන් බව ඔහු පවසා තිබෙනවා.


එසේම ඉන්දීය ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ද මෙලෙස මුදල් ලබා දුන් බව ඔහු නාගරික දූෂණ මර්දන ඒකකය හමුවේ වැඩි දුරටත් පවසා තිබෙනවා.

දූෂණ මර්දන ඒකකය පවසන්නේ මොවුන් ගේ ඉලක්කය වී ඇත්තේ ඉන්දීය ඔට්ටු ජාවාරමේ සුපිරි කොටස්කරුවන් බවට පත් වීම බවයි. ජාලන් සහ කෝතාරී ඇතුළුව තවත් සැක කරුවන් දෙදෙනෙක් ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට පත් වන අවස්තාවේ ඔවුන් සතු වූ ලැප්ටොප් වර්ගයේ පරිඝණක යන්ත්‍ර දෙකක්, හඬ පටිගත කිරීමේ යන්ත්‍ර, වෙනත් පරිඝණක, ජංගම දුරකථන 25 ක් සහ මුදලින් ඉන්දීය රුපියල් ලක්ෂ 5.18 ක් දූෂණ මර්දන ඒකකය භාරයට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනාගේ ඔට්ටු ජාවාරම් ජාලය විසින් මසකට ඉන්දියානු රුපියල් කෝටි 500 ක මුදලක් මේ සඳහා වියදම් කරන බවයි පැවසෙන්නේ.

එසේම මෙම ජාවාරමේ මහ මොළකරුවා වන්නේ පාකිස්තානු ජාවාරම් කරුවකු වන චෝටා ශඛීල් නැමැත්තෙකු බවත් පසුගිය වසරේ ද මෙවැනිම සූදු ජාවාරමකදී සෝනු ජාලන් නැමැත්තා අන්ධේරී ප්‍රදේශයේදී සමාජ සේවා අංශය විසින් අත් අඩංගුවට ගත් බවත් ඉන්දීය පුවත්පත් විසින් වාර්තා කර තිබෙනවා.

කෝතාරි එම සිද්ධියට ද සැක කරුවෙක් වී තිබුනද ඒ සිද්දිය සම්බන්ඳයෙන් ඔහුව අත් අඩංගුවට ගැණුනේ නැති බවයි වාර්තා වන්නේ.

කෝතාරි සහ ජාලන් හට අනුග්‍රාහකයින් සහ ඔට්ටු අල්ලන්නන් ලොව නන්දෙසින් සිටින බවත් ඇෆ්ගනිස්තානය, පකිස්තානය, දකුණු අප්‍රිකාව සහ සවුදි අරාබිය ජාත්‍යන්තර වශයෙනුත් ඉන්දියාව තුල දිල්ලි, කල්කටා, රාජස්තාන්, ගුජරාටි සහ හරියානා යන ප්‍රාන්ත පුරාත් මොවුන්ගේ ජාවාරම ජාල ගත වී තිබෙනවා.

පොලිස් අතිරේක කොමසාරිස් දේවන් භාරතී, ඔවුන්ට ලැබුන තොරතුරක් අනුව මෙම සංවිධානාත්මක ජාවාරම් කල්ලිය අත් අඩංගුවට ගත් බවයි මාද්‍යය හමුවේ පවසන්නේ. එසේම මොවුන් ඉතාමත් සංවිධාත්මක ලෙස මෙම ජාවාරම කරගෙන යන බවත් මෙම ජාවාරම මනාව කළමණාකරණය කිරීම සඳහා විවිධ මෘදුකාංග පවා භාවිතා කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

මොවුන්ගේ අනුගාමිකයින් එක්සත් රාජධානියේ ක්‍රීඩාවන් සඳහා අන්තර්ජාලය ඔස්සේ ඔට්ටු ඇල්ලීමට තිබෙන නිළ වෙබ් අඩවිය වන Betfair හි ගිණුමක් ආරම්භ කලයුතු වන අතර මුර පදය සෝනු සහ කෝතාරි වෙත යොමු කල යුතුයි. එවිට ඔවුන් විසින් අනුග්‍රාහකයින්ගේ වටිනාකම් සලකා බැලීමෙන් අනතුරුව එම ගණුදෙණුව පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමට යි කටයුතු යොදා තිබෙන්නේ.

එහෙත් ඉන්දියාව තුළ මෙලෙස ක්‍රීඩාවන් සඳහා ඔට්ටු ඇල්ලීම නීතියෙන් තහනම් කර ඇති අතර පොලීසියෙන් බේරී සිටීමට ද මොවුන් ඉන්දීය රුපියල් කෝටියක පමණ මුදලක් වැය කල බවත් ජාලන් පවසා තිබෙනවා.මොවුන් පොලිස් නිළධාරීන් සඳහා මෙම මුදල ලබා දුන්නද ඔවුන් තමන්ව අත් අඩංගුවට ගත් නිසා ඔවුන් පිළිබඳව තොරතුරු ලබාදුන් අය හට තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ සිද්දිය සම්බන්ඳයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මෙසේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු හට තරඟ පාවා දීමක් පිළිබඳව චෝදනාවක් නැති බවයි.

එලෙස චෝදනාවක් ඇති බවට මෙතෙක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කිසිදු දැන්වීමක් කර නොමැති බවත් එසේ දැන්වුව හොත් ඒ සම්බන්ඳයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට නොපැකිලෙන බවත් එහි ලේකම් නිශාන්ත රණතුංග මහතා ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.