Powered by Blogger.

ෆේස් බූක් නිසා දැරියන්ට විෂාදය.

Thursday, July 12, 2012

ෆේස්බූක් වැනි සමාජ ජාලයන්හි නිරන්තරයෙන් රැදී සිටින යොවුන් දැරියන් විෂාදයට හා හීන මානයට ගොදුරු වීමේ අවදානමක් පවතින බව නවතම වාර්තා වලින් හෙළිවී තිබෙනවා. මෙයින් දැක්වෙනේ ෆේස්බූක්,ට්වීටර් හා මයිස්පේස් වැනි ජනප්‍රිය සමාජ ජාලයන් තුල සැරිසරන යෞව්වනියන් අනිකුත් දැරියන්ට වඩා තම ශරීරයේ පෙනුම හා බර පිළිබඳව අසතුටට පත්වීමට ඇති ඉඩ කඩ වැඩි බවයි. 

ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලය මගින් සිදු කෙරුණු මෙම පර්යේෂණය සදහා වයස අවුරුදු 12 හා 16 අතර පසුවන දැරියන් 1,096 ක් සම්බන්ධ කර ගනු ලැබුනා. මෙයින් හෙළි වී ඇත්තේ ඔවුන් ගෙන් 40% ක් තම ශරීරයේ හැඩය පිළිබඳව තෘප්තිමත් නොවන බව හා බර වැඩිවීම පිළිබඳව දැඩි බියකින් පසුවන බවයි. 


එමෙන්ම ඔවුන් වැඩි වශයෙන් අන්තර්ජාලය හා සමාජ ජාලයන් පරිහරණය කරන තරමට ඔවුන් මෙම තත්ත්වයට ගොදුරුවීමේ අවදානම වැඩි බවද මෙයින් සොයාගෙන තිබේ. මෙම පර්යේෂණය සිදු කල මහාචාර්ය මරිකා ටිගර්මෑන් හා ආචාර්ය්ස් එමී ස්ලේටර් පවසන්නේ මෙම කරුණු අතර ඇති සම්බන්ධතාවය ගැන සැලකිලිමත් විය යුතු බවයි. 



"අපි විමර්ශනයක යෙදුනේ යොවුන් දැරියකගේ ස්වයං ප්‍රතිරූපය කෙරෙහි මාධ්‍යය මගින් ඇතිවන බලපෑම පිළිබඳවයි ' ආචාර්ය ස්ලේටර් පවසනවා. 'ඔවුන් තම විවේකය ගත කරන ආකාරයත් ඒ ක්‍රියාකාරකම් තුලින් ඔවුන් තමන් ගැන හා තම සිරුර ගැන සිතන ආකාරය වෙන්වන ආකාරයත් අධ්‍යයනය කරීම ඉතා අපූරු වුණා. 

නමුත් අපේ සොයා ගැනීම මගින් උවමනාවට වැඩි මාධ්‍ය ,සමාජ ජාලයන් හා අන්තර්ජාලය භාවිතය ,අඩු ආත්ම අභිමානය , අනන්‍යතාවයක් ඇති කර ගැනීම විෂාදය අතර පවතින දී සම්බන්ධය දැකිය හැකිය". 

එමෙන්ම තම නිවෙස් තුල අන්තර්ජාල පහසුකම් ඇති දැරියන්ගෙන් 72% ක් ම තම ජායාරූප අන්තර්ජාලයට ඇතුලත් කර ඇති බවත් 12% තමන් දැක්වෙන වීඩියෝ දර්ශන ඇතුලත් කර ඇති බවත් හෙළිවී තිබෙනවා. මේ දැරියන් අන්තර්ජාලයේ රැදී සිටින කාලයේ සාමාන්‍ය අගය පැය තුනහමාරක් පමණ වන අතර තම දියණියන් අන්තර්ජාල නරඹන දෑ වලට හා එම කාලය පිලිබඳ මීති පනවා ඇත්තේ මින් 53% කගේ දෙමව්පියන් පමණයි. 


එමෙන්ම මෙම දැරියන්ගේ ප්‍රියතම වෙබ් අඩවි 14 ක පළවූ වෙළඳ දැන්වීම් අධ්‍යයනය කලවිට ඒ අතුරින් 600 කටත් වඩා රූපලාවන්‍ය උපකරණ ආදිය පිළිබඳව පල වූ ඒවා බව හෙළිවී තිබෙනවා. මෙම දැන්වීම් වල පෙනී සිටින නිරුපිකාවන් ඉතා රූමත් ,සිහින් සිරුර සහිත අයවළුන්වන බැවින් එතුලින්ද මෙම දැරියන්ගේ සිත් තුලට වැරදි පණිවිඩයක් යන බව ආචාර්ය ස්ලේටර් පවසනවා. 

"මෙයින් ඔවුන්ට කියන්නේ කාෂ වීමේ හා රූමත් වීමේ ඇත වැදගත්කම පිළිබඳවයි". 

මෙම පර්යේෂණ 'නෙට් ගර්ල්ස් ' නම් ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු අතර එහි සොයාගැනීම් පසුගිය සතියේ බටහිර එංගලන්ත විශ්ව විද්‍යාලයේ ඇපියරන්ස් මැටර්ස් 5 සම්මේලනයට ඉදිරිපත් කරනු ලැබුන.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.