Powered by Blogger.

බීමතින් රිය පැදවූ මරික්කාර්ගේ යට ගැසූ රිය අනතුර (සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ක්‍රියාත්මක නොවේ ?)

Thursday, July 19, 2012

සිරස එෆ් එම් ප්‍රධානී ලෙස කටයුතු කරන එස්.එම් මරික්කාර් විසින් බීමතින් රිය පැදවීම නිසා ඔහුගේ ජීප් රිය රත්‍රී බස් රථයක හැපී තිබේ ඒ පිළිබඳව වැඩි විස්තර අපට ලැබී ඇති අතර වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පසුගිය 16 වනදා දින සවස සිරස ටි.වී නාලිකා ප්‍රධානි සුසාර දිනාල් ගේ නිවසේ ගත කර ඇති මරික්කාර් ජීප් රථය පදවාගෙන පැමිණ ඇත්තේ බිමතිනි.බීමතින් පදවාගෙන පැමිණි රථය එක් පුද්ගලයෙකු යට කිරීමට ගොස් ඔහුව අනු නවයෙන් බේරා ටික දුරක් යන විට බස් රථයේ හැපී ඇත. 


බීමතින් පැමිණි පුද්ගලයෙකු විසින් බස් රථයට බරපතල අලාභහානි සිදුවීමත් සමග කෝපයට පත් බස් රථයේ රියදුරා සහ එහි සිටි පිරිස මරික්කාර් අල්ලාගෙන ඔහුට පහර දීමට උත්සාහකොට ඇත.නමුත් කෙසේ හෝ ඔවුන්ගෙන් ගැලවුණු මරික්කාර් සිය දුරකතනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර,සුසාර දිනාල් හට අමතා සිදුවීම පවසා ඇත.

ඉන් ස්වල්ප වෙල්වාකින් පසුව සුසාර, මනුෂ , ගජමැටික්ස් වැඩසටහන මෙහෙයවූ නිවේදකයා එම ස්ථානයට පැමිණීමෙන් මරික්කාර්ට ලැබීමට ගිය ගුටි සංග්‍රහයෙන් ගලවාගෙන ඇත.
එතැන් පටන් ක්‍රියාත්මක වූ මනුෂ ,සුසාර ,මරික්කාර් තුන්කට්ටුව සිරස ආයතනයේ සේවය කරන චන්දන ප්‍රභාත් ගෙන්වාගෙන ඔහුට මෙම සිදුවීමේ වගකීම භාරගන්න ලෙසට බළකොට ඇත.


පසුව බස් රථයේ රියදුරුට මරික්ක්ර් පොරොන්දු වී ඇත්තේ බස් රථයට සිදුවූ සියලු අලාභය ඔහුවිසින් ගෙවන බවයි.අනතුරට පත් බස් රථය හා මරික්කාර්ගේ ජීප් රථය මිරිහාන පොලිසියට ගෙනගොස් ඇත.

මේ සම්බන්ධව සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ක්‍රියාත්මක නොවුනත් වැඩි දුර විස්තර ඉදිරියේදී ගොසිප්9 තුලින් හෙළිකිරීමට බලාපොරොත්තුවන්නෙමු.by gossip9
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.