Powered by Blogger.

නදීෂා නිසා ආදරියේ අඩාල වේ.(Nadeesha Hemamali broke up her love)

Sunday, July 8, 2012

නිෂ්පාදන කළමනාකරු ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි - නදීෂා

නදීශා ඉවත්වීම ටෙලි නාට්‍යයේ ඉදිරි රූගත කිරීම්වලට විශාල බලපෑමක්‌ ඇති කරන්නේ නැහැ - අධ්‍යක්ෂක

රංගන ශිල්පිනී නදීෂා හේමමාලි විසින් නිශ්පාදන කණ්ඩායම සමඟ ගැටුමක් ඇතිකරගැනීම හේතුවෙන් මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශණය වන ආදරියේ ටෙලිනාට්‍යයේ ඉදිරි කටයුතු අඩාල වී ඇති බව වාර්තා වනවා.

මුලදී ටෙලිනාට්‍යය සඳහා දිනකට රු.6,000 ක මුදලකට එකඟ වී ඇති ඇය නිශ්පාදන කටයුතු අතර මගදී එම මුදල වැඩි කරන ලෙස කල බලවත් ඉල්ලීම හමුවේ එම මුදල රු.8,000 තෙක් ඉහල දැමීමට නිශ්පාදන කණ්ඩායම කටයුතු යොදා තිබියදී අලුත් ඇඳුම් ගැනීමට යයි පවසමින් නැවතත් රු.15,000 ක මුදලක් ඉල්ලා ඇතත් නිශ්පාදන කණ්ඩායම විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ හේතුව නිසා පසුගිය දිනෙක පෙරවරුවේ කළ රූපගත කිරීමේ දී යොදාගත් ඇඳුම සවස් වරුවේ ඇඳීම නදීෂා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසයි ගැටළුව ආරම්භ වී තිබෙන්නේ.


බහින්බස් වීමකින් ආරම්භ උවත් දැඩි අසභ්‍ය වචන දක්වා දිග දුර ගිය මෙම ආරවුල හේතුවෙන් ටෙලිනාට්‍යයේ ඉදිරි රූගත කිරීම් සඳහා පෙනී සිටීම නදීෂා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ.

කොටස් 200 කින් සමන්විත මෙම ටෙලිනාට්‍යය සඳහා මසකට දින 15 බැගින් වසරක් පුරා දායක වීමට නදීෂා විසින් ගිවිසුම් අත්සන් කර තිබුනත් ඇය සහභාගී වී ඇත්තේ මාස 06 ක් පමණයි.

මෙලෙස ටෙලිනාට්‍යයේ වැඩකටයුතු අඩාල කිරීම නිසා රුපියල් මිලියන 03 ක වන්දියක් ඉල්ලමින් නිෂ්පාදන කණ්ඩායම විසින් නදීෂාට එරෙහිව නඩු මඟට යෑමට සූදානමක් පවතින බවත් දැනගන්නට ලැබෙනවා.

මේ අතර ආදරියේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක තුමන් වන තිසුල දීප තඹවිට මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කලේ මෙවැන්නක්.

"ආදරියේ" රූගත කිරීම් අතරතුර සිදුවූ ආරවුල මොකක්‌ද?
"ආදරියේ" රූගත කිරීම් අතරතුරදී අපගේ නිෂ්පාදන කණ්‌ඩායම සමග නදීශා හේමමාලි යම් ආරවුලක්‌ ඇතිකර ගත්තා. නදීශාට එදින දර්ශනයට අදාළ ඇඳුම් නිෂ්පාදන කණ්‌ඩායම විසින් දුන් අවස්‌ථාවේ ඇය ඒ ඇඳුම් ඇඳීම ප්‍රතික්‌ෂේප කර තිබෙනවා. අප නිෂ්පාදන කණ්‌ඩායම අදාළ දර්ශනයට එම ඇඳුම් අනිවාර්යයෙන්ම ඇඳිය යුතු බව කොතරම් පැහැදිලි කළත් නදීශා දිගින් දිගටම ඇඳුම් ඇඳීම ප්‍රතික්‌ෂේප කර තිබෙනවා.

එතනදී නිෂ්පාදන කළමනාකාර සමග නදීශා උණුසුම් වචන හුවමාරුවක්‌ පවා සිදුකර තිබෙනවා. දිගින් දිගටම නදීශා "දර්ශනයට අදාළ" ඇඳුම් ඇඳීම ප්‍රතික්‌ෂේප කරන නිසා නිෂ්පාදන කණ්‌ඩායම මට ඒ පිළිබඳව දැනුම් දුන්නා. මමත් නදීශාට පැහැදිලි කර දුන්නා කලින් රුගත කළ දර්ශන හා සම්බන්ධ මේ දර්ශනවල අනිවාර්යයෙන්ම මේ ඇඳුම් ඇඳිය යුතු බව. අලුතින් දර්ශන රූගත කරන විට ඇඳුම්වල ප්‍රශ්න තියෙනවා නම් අපි කතා කරලා විසඳගමු කියලත් මම නදීශාට කිව්වා. මේ දිනවල "ආදරියේ" ටෙලි නාට්‍යයේ කතාවට ගැළපෙන ඇඳුම් තමයි අපි නදීශාට අඳින්න දුන්නෙ.

එතනදි ඇය මට කිව්වා නිෂ්පාදන කළමනාකරු ඇගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවොත් පමණක්‌ ඇය මෙම ටෙලි නාට්‍යයේ ඉදිරියට වැඩ කරන බව. නමුත් මෙතනදි නිෂ්පාදන කළමනාකරු අතින් කිසිදු වරදක්‌ සිදුවී නැති නිසා මම ඒ ඉල්ලීම අධ්‍යක්‌ෂවරයා හැටියට ප්‍රතික්‌ෂේප කරා.

එතනදී නදීශා ඉතාම පහත් විදිහට පරුෂ වචන පවා කියමින් නිෂ්පාදන කණ්‌ඩායම සමග ගැටුමක්‌ ඇති කරගත්තා. ඇය ටෙලි නාට්‍යයෙන් ඉවත් වන බව කිව්වා. අවසානයේ ඇය එතනින් පිටත්ව යැමට ප්‍රවාහන පහසුකම් ඉල්ලා සිටියා. ටෙලි නාට්‍යයේ අවශ්‍යතාවක්‌ වෙනුවෙන් තිබෙන වාහන පෞද්ගලික කාරණා වෙනුවෙන් මම යොදවන්න ඉඩ දුන්නෙ නැහැ. රූගත කිරීම් අවසානයේ ප්‍රවාහන පහසුකම් සපයාදිය හැකි බව මම නදීශාට කිව්වා. ඇය තවදුරටත් "ආදරියේ" රූගත කිරීම්වලට සහභාගි නොවන බව කියමින් පිටව ගියා.

මම ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා හැටියට සිද්ධිය අදාළ ආයතනයට දැනුම් දුන්නා. ඔවුන් ඉදිරියේදී එයට අවශ්‍ය පියවර ගනියි.

නදීශා ඉවත්වීම ටෙලි නාට්‍යයේ ඉදිරි රූගත කිරීම්වලට විශාල බලපෑමක්‌ ඇති කරන්නේ නැහැ. නමුත් අපි කලාකරුවන් හැටියට මීට වඩා වගකීමෙන් වැඩ කටයුතු කළ යුතුයි. අනෙකුත් කලාකරුවන්ට ආදර්ශයක්‌ වන ආකාරයටයි අප නිතරම හැසිරිය යුත්තේ. මූණත් එක්‌ක තරහා වෙලා නහය කපා ගත්තා වගේ වැඩක්‌ තමයි නදීශා කරගත්තේ. එහි ප්‍රතිඵල ඉදිරියේදී ඇයට දැකගන්න ලැබෙයි.

මම මගේ දැඩි විරෝධතාව ප්‍රකාශ කරනවා මෙවැනි විනය විරෝධී හැසිරීම් පිළිබඳව. අනෙකුත් ආධුනික රංගන ශිල්පීන් පවා මෙය වැරැදි පූර්වාදර්ශයකට ගැනීමට ඉඩ තියෙනවා. නදීශා වැනි ක්‌ෂේත්‍රයේ ජනප්‍රිය කෙනෙක්‌ මෙවැනි අන්දමින් අන් අයගේ ආත්ම ගෞරවය නැතිවන ආකාරයට හැසිරීම කනගාටුදායකයි.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.