Powered by Blogger.

හරිහරන් ගේ ශ්‍රී ලංකා ප්‍රසංගය අවලංගුයි

Friday, July 6, 2012

ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායක හරිහරන් ගේ ප්‍රසංගයක් හෙට දින එනම් ජුලි හත් වනදා රාත්‍රී හතට , කොළොඹ හතේදී පැවැත්වීමට නියමිතව තිබුනත් එම ප්‍රසංගය මේවනවිට අවලංගු කොට තිබෙනවා.

එයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් විසින් හරිහරන් හට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රසංගයට සහභාගී නොවන ලෙසට කල බලපෑම් බව අප වෙත වාර්තා වේ.


එල්.ටී.ටී.ඊ හිතවාදීන් විසින් විදෙස් මාධ්‍යය වලට පවසා ඇත්තේ මෙවන් ප්‍රසංග පැවැත්වීම මගින් ශ්‍රී ලංකාව සාමකාමී රටක් බවත් , මානව හිමිකම් උල්ලංඝනය නොවන රටක් ලෙසටත් ප්‍රතිරූපයක් ගොඩ නැගෙන බැවින් එය වැලැක්වීම සඳහා ඔවුන් හරිහරන් ගේ ප්‍රසංගය නැවත්වීම සඳහා කටයුතු කල බවයි.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.