Powered by Blogger.

රුසියාවේ පරීක්ෂකයන්ට ඇහුනු අපායේ සද්දේ (sounds from hell debunked)

Saturday, June 9, 2012

1989 දී සයිබීරියාවට ගිය රුසියානු පර්යේෂකයන් පිරිසක්‌ විසින් අපායේ ශබ්ධය පටිගත කර ගැනීමට සමත් වූ බව පැරණි පුවතකි.

නමුත් මෑත කාලයේ ලංකාව තුලද "අපායේ සද්දය" පිලිබඳ සාමන්‍යය ජනතාව තුල කතාබහට ලක්වීමට පටන්ගෙන තිබීම හේතුවෙන් එම පරීක්ෂණයව්‍යාජ එකක් බව කියා පාන සාධක මෙයින් ඉදිරිපත් කරන්නෙමු.

පසුබිම් කතාව

1989 දී සයිබීරියාවට ගිය රුසියානු පර්යේෂකයන් පිරිසක්‌ පොළොවෙහි සිදුරක්‌ විදින්නට පටන් ගත්හ. අඟල් 10 ක්‌ පමණ පළලකින් යුතු මේ සිදුර කිලෝමීටර් 14.5 ක්‌ යටට විදින ලදී. පසෙහි සිදුරක්‌ විදින විට විදුම් යන්ත්‍රවල සර්පිලාකාර විදුම් කටු මගින් පස්‌ පොළොව මතුපිටට ගෙනෙන අතර එවිට හටගන්නා සිදුරෙහි කණ්‌ඩි කඩාවැටීම වළක්‌වනු සඳහා යකඩ බට සිදුර තුළට බස්‌සනු ලැබේ. මෙය මෙකල ළිංවලට වළලු බැස්‌සවීම හා සමාන කටයුත්තකි. 

සයිබීරියාවේ විදින ලද සිදුරටද අඩි 20 බැගින් දිග යකඩ බට කිලෝමීටර් 14.5 ක්‌ වන තුරු බස්‌සවන ලදී. තවදුරටත් විදීම සිදු කරන විට විදුම් කටුව විශාල අගාධයක්‌ වැනි තැනක පියස්‌ස වැදී පොත්ත හිල් කරගෙන ගිය බව පර්යේෂකයන්ට දැණින. 

ඒ ගැන සෙවීම සඳහා තාපයට ඔරොත්තු දෙන මයික්‍රෙෆෝන සහ දෘශ්‍ය උපකරණ සිදුර දිගේ පහළට යවන ලදී. මයික්‍රෙෆෝනය ගොස්‌ නැවතුන තැන උණුසුම ෆැරන්හයිට්‌ අංශක 2000 ක්‌ විය. ඉතාම පුදුම සහගත කාරණය වූයේ කිලෝමීටර් 14.5 ක්‌ පොළව යටින් නැගුණ විලාප තැබීමේ හඬවල් සමූහයක්‌ මයික්‍රෙෆෝන හරහා පොළව මතුපිටට ලබාගෙන පටිගත කර ගැනීමට පර්යේෂකයන්ට හැකිවීමය. තප්පර 17 ක කාලයක්‌ මේ හඬ පටිගත කරන විට මයික්‍රෙෆෝන උණු වී වැගිරුණ බව කියනු ලැබේ.

තමන් ශ්‍රවණය කළේ අපායේ පව්කාරයන් වධ විඳින විට නඟන විලාප බව තේරුම් ගත් පර්යේෂකයන් රැසක්‌ වහාම රැකියාවලින් ඉවත් වී ගෙවල් බලා ගිය බව කියනු ලැබේ. ඉතිරි වූ පර්යේෂකයන් කිහිප දෙනා රාත්‍රි කාලයේ දී ඉතා බියකරු දර්ශනයක්‌ දුටුවාහ. 


එනම් කනින ලද සිදුරෙන් පිටතට ආ විශාල ගිනි කදම්බයකින් ඉතා ආගන්තුක විලාප නිකුත් වීමය. මෙය දැකීමෙන් සිහි විකල් වූ පර්යේෂකයන්ට යළි යථා තත්ත්වයට පැමිණීම සඳහා නිද්‍රාජනක ඖෂධ ප්‍රතිකාර කිරීමට සිදු විය.
 
අපායේ සද්දය නිර්මාණය කල පුවතක් වන්නේ කෙසේද? මෙම කතාව නිරාමනය කල එකක් බවට නැගෙන මුලික තර්කය වනුයේ ෆැරන්හයිට් අංශක 2000 ආසන්නයේදී ක්‍රියාත්මක වන මයිකරෆෝනයක් තිබීමට නොහැකි බැවිනි.එමෙන්ම එම උෂ්ණත්වය යටතේ විලාප නැගීමට ස්වාරලයක් ද තිබිය නොහැක.

පසුව කල සොයා ගැනීම් වලින් හෙළි වුයේ එම ශබ්ධය 1972 දී තිරගත කරන ලද "බැරන් බ්ලඩ්" නැමති චිත්‍රපටයේ කොටසකින් ගෙන නිර්මාණයකොට ඇති බවයි.


අපායේ සද්දය  

ලබාගත් චිත්‍රපටය  

Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.