Powered by Blogger.

ජංගම දුරකතනවල මයිටාවන් නැහැ(Mobile Virus in sri lanka)

Friday, June 1, 2012

සෞඛ්‍ය අමාත්‍යංශය හා විදුලි සංදේශ නියාමන කොමිසම සහතික වෙයි

ජංගම දුරකතනවල සිටින කෘමි සතුන් විශේෂයක් ලංකාවෙන් සොයාගත් බවට වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පසුගියදා හෙළි කරනු ලැබුවා.ඉන් අනතුරුව ස්වර්ණවාහිනී පුවත් විකාශයද ඔවුන් හට අන්තර්ජාලයේ මෙවැන්නක් දකින්නට නොලැබුන හෙයින් ඒ පිලිබඳ වාර්තා කල පළමු මාධ්‍යය ලෙස උදම් අනනු ලැබුවා.


නමුත් අප විසින් එම පුවත පලකල පසු අප පාඨකයන් විසින් සිදුකල දැනුවත් කිරීම් මගින් මෙම සත්වයා පිලිබඳ පරීක්ෂණ 2005 වසරේදී සිදු කර ඇති බවත් උන්ගෙන් හානියක් නොවන බවත් කියා සිටියා.

නමුත් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය අනිල් සමරනායක මහතා විසින් මෙම පර්යේෂණ කටයුතු දිගින් දිගටම සිදු කරන ලද අතර ඉන්දියාවේ පැවැත්වෙන සතුන්ගෙන් බෝවන රෝග පිළිබඳව පැවැත්වෙන සමුළුවකටද මෙම සත්ව විශේෂය පිලිබඳ හෙළිදරව් කරනු ලැබුවා.

මෙම පුවත ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කල පසු සාමන්‍යය ජනතාව බියට පත්වූ අතර දුරකථනය සර්විස් කිරීමට හා දුර සිට කතා කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබුනා.


මේ අනුව පසුගියදා නිවේදනයක් නිකුත් කල සෞඛ්‍යය අමාත්‍යංශය අවධාරණයෙන් කියා ඇත්තේ ජංගම දුරකථන ආශ්‍රිතව මයිටා වර්ගයේ කෘමියකු බෝවී ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.


සිද්ධියට මුල්වී ඇති ජංගම දුරකථනයට මයිටාව ඇතුළුවී ඇත්තේ බාහිරින් බවත්, එම සතා කිසිසේත්ම ජංගම දුරකථනයෙහි ඇතිවූවකු නොවන බවත් අමාත්‍යංශය පවසයි.

වෛද්‍ය පර්යේෂණායතනයේ සේවකයකුගේ දුරකථනයෙන් හමුවූ මයිටාවා ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු තැනක භාවිතාවන ජංගම දුරකථනයකින් මෙතෙක් සොයාගෙන නැති බවත් දූවිලි සහිත ඕනෑම අපිරිසුදු පරිසරයකදී මෙවැනි මයිටාවන් ජංගම දුරකථනවලට ඇතුළු වියහැකි බවද සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට මහතාද මෙවන් සතුන් ජංගම දුරකථනය තුල බෝ නොවන බවට සහතික කොට ඇත.

by gossip9
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.