Powered by Blogger.

ගැහැණු දඩයමක් ! (Fark Sihina Piyapath Teledrama)

Friday, June 1, 2012

මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශනය වන සිහින පියාපත් ටෙලි නාට්‍ය, සිහින පියාපත් – 2 නමින් නැවතත් නිර්මාණය කරන බව පවසමින් පසුගියදා ලංකාදීප ලහිපිට අතිරේකයේ දැන්වීමක් පලකර තිබේ.
ඒ අනුව, එහි දක්වා තිබු අංකයට ඇමතුමක් ලබාගත් යුවතියකට පිළිතුරක් දෙමින් පුද්ගලයෙකු පවසා ඇත්තේ ඔහු සිහින පියාපත් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වන සඳුන් රාජකරුණා බවයි.
සඳුන් රාජකරුණාගේ සැබෑ දුරකථන අංකය ද ඇය ළඟ තිබී ඇති අතර මෙම දැන්වීමේ සඳහන් අංකයත් ඇය ළඟ තිබු අංකයත් වෙනස් බැවින් ඇය පසුගිය බදාදා සඳුන් රාජකරුණාගේ අංකයට ඇමතුමක් ලබා ගෙන තිබේ.
ලැබුණු දුරකථන අංකය ඔස්සේ සිදුවන්නට යන විපත්තිය හඳුනාගත් සඳුන් රාජකරුණා එම පුවත්පතේ සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන තිබේ.
ඔහු එහිදී තම නැගණියට සිහින පියාපත් නාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලා ඇති අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් අදාළ පුද්ගලයා පවසා තිබෙන්නේ දැන්වීමේ සඳහන් ලිපිනයට තම නැගණිය එවන ලෙසය.
මින් අනතුරුව ඔහු තවත් සහෝදර ශිල්පිණියන් යොදවා අදාළ පුද්ගලයාට අමතා ඇති අතර ඒවාටද ප‍්‍රතිචාර වශයෙන් ලැබි ඇත්තේ එම පිළිතුරමයි.
මෙම සිද්ධියෙන් පසුව අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති අතර එය විභාග වෙමින් පවතී.
පුවත් පතේ සඳහන්ව ඇත්තේ කුරුණෑගල ප‍්‍රදේශයේ දුරකථන අංකයකි.
කෙසේ වෙතත් සම්මුඛ පරීක්ෂණයට පැමිණීම සඳහා බම්බලපිටිය මැජෙස්ටික් සිටිහී ස්ථානයක්ද පවසා ඇතැයි වාර්තා වේ.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.