Powered by Blogger.

අපි ෆොන්සේකාට ආරාධනා කලේ නැහැ -එජාපය

Friday, June 1, 2012

එක්සත් ජාතික පක්ෂයෙන් කි‍්‍රයාකාරී දේශපාලනයට එක්වන්නැයි  ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතාට තම පක්ෂය කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු සමග  විශේෂ සාකච්ජාවකට එක්වෙමිනි.
එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සරත් ෆොන්සේකාට කිසිදු අදහසක් නැතැයි ඔහුගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය ‘දිවයින’ පුවත්පතකට කර තිබු ප‍්‍රකාශය පිළිබදව  විමසීමේදී ඔහු එබව සදහන් කළේය.
එක්‌සත් ජාතික පක්‍ෂයට සම්බන්ධවීමට සරත් ෆොන්සේකා මහතාගේ කිසිදු අදහසක්‌ නැති බවත්,  එජාපයේ උදවිය නම් සරත් ෆොන්සේකා මහතා ගනු ලබන ක්‍රියාමාර්ගවලට සහාය දීමට කැමැත්ත පළකර ඇති බවත්  අනෝමා ෆොන්සේකා මහත්මිය එම පුවත්පතට පවසා තිබිණ.
සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන වැඩකටයුතු ළඟදීම ආරම්භ කරන බවද බලාපොරොත්තු වන ආරක්‍ෂකයින් පිරිස ලැබුණු විගස එම වැඩ කටයුතු ආරම්භ කරන බවද පවසා ඇති  අනෝමා ෆොන්සේකා මහත්මිය, එම ආරක්‍ෂකයින් රජයෙන් ලබාදීමට පියවර ගෙන ඇතැයිද  සඳහන් කර තිබේ.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.