සුපර් සික්ස් චිත‍්‍රපටය හරහා රංගනයට පිවිසි වෘත්තියෙන් ගුවන්
සේවිකාවක් වන මලීකා සිරිසේනගේ පළමු හා අවසන් චිත‍්‍රපටය ‘සුපර් සික්ස්’ බව
ඇය පවසන්නීය.
තමා රගපෑම සම්බන්ධයෙන් සිය පෙමවතා මෙන්ම පවුලේ අයගේ ද වැඩි මනාපයක්
නොවීම නිසා තමාගේ රංගනය මෙයින් අවසන්වීමට වැඩි ඉඩකඩ ඇතැයි මලීකා පවසන්නීය.
සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඇය මේ බව පවසා තිබිණි.
මේ අතර, මලීකාට තවත් සිනමා පට දෙකක් සඳහා ආරාධනා ලැබී ඇතත් ඇය ඒවා ප‍්‍රතික්ෂේපකර ඇතැයි පැවසේ.
සුපර්සික්ස් චිත‍්‍රපටයෙන් පසුව මලීකා හා මෝස්තර නිරූපන ශිල්පියකු හා
නළුවෙකු වන හේමාල් රණසිංහ අතර පුංචි හාද කමක් ඇතිවී ඇතැයිද පසුගිය කාලයේදී
මාධ්‍ය වාර්තා කර තිබිණි.
කෙසේවුවද මලීකාගේ හිටපු පෙම්වතා වන පැසිපන්දු කී‍්‍රඩකයා සමග හාදකම බිඳවැටීමෙන් පසුව මේ අලූත් හාදකම ආරම්භ වී ඇති බවද වාර්තා විය.
ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් ආයතනයේම සේවය කළ මලීකාගේ පෙම්වතා සුපර්
සික්ස් චිත‍්‍රපටය තිරගතවීමෙන් පසුව මලීකා සමග අමනාපවී ඇතැයි පැවසුණද මලීකා
එම කාරණාව ප‍්‍රතික්ෂේප කර තිබේ.
කෙසේවුවද මලීකා හා පැසිපන්දු කී‍්‍රඩකයාගේ හාදකම වසර ගණනාවක් පැරණි එකක් බවද පැවසේ.
වසර 1984 නොවැම්බර් 16 උපන් මලීකා මුලික අධ්‍යාපනය ලැබුවේ දෙහිවල ප්‍රෙස්බිටීරියන් කාන්තා විදුහලනි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment