ලොව ජනපි‍්‍රයතම සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාගම විසින්
නෝර්වේ හි ලැයිස්තුගත අන්තර්ජාල බ‍්‍රවුසර් සමාගමක් වන ඔපෙරා මිලදී ගැනීමට
අදහස් කර සිටින බව පැවසේ.
මේ පිළිබඳව සමාගම් දෙකම නිල වශයෙන් කිසිවක් ප‍්‍රකාශ කර නැතත් මෙම රාවය
පැතිර යාමත් සමග ඔපෙරා සමාගමේ කොටස් අගය ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තා
සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙවැනි ගණුදෙනුවක් සිදුවුවහොත්, එහි වටිනාකම ඩොලර් බිලියනය ඉක්මවනු ඇති බව විශ්ලේෂකයන් පවසයි.
ඔපෙරා හි ජංගම දුරකථන සඳහා නිම ව ඇති ඔපෙරා මොබයිල් මේ වන විට ලොව පුරා
ජනපි‍්‍රය වෙමින් පවතින අතර, මේ වන විට ජංගම දුරකථන ඔස්සේ ෆේස්බුක්
භාවිතාකරන්නන් ගෙන් ලබන ආදායම වැඩිකරගැනීමට ෆේස්බුක් සමාගම අදහස් කර
සිටියි.
මේ හේතුවෙන් මෙම ගණුදෙනුව ෆේස්බුක් සමාගමට වාසිදායක වනු ඇති බව විශ්ලේෂකයන් වැඩිදුරටත් පවසයි.
මේ වන විට ලොව පුරා ඔපෙරා බ‍්‍රවුසරය භාවිතාකරන්නන් මිලියන 200ක් පමණ සිටියි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment