Powered by Blogger.

හරිත පාපැදි සවාරිය (Upeksha Sarnamali Ride a Bicycle)

Sunday, June 3, 2012


ජූනි 05 වැනිදා ලෝක පරිසර දිනය වෙනුවෙන් ඊයේ පාපැදි සවාරියක් පැවැත්වුණා. එය නම් කර තිබුනේ "හරිත පාපැදි සවාරිය" නමිනි.

ඊයේ උදේ 8.30 ට නෙළුම් පොකුණ රඟහල අසළින් ආරම්භ වී තුන්මුල්ල වටරවුම දක්වා ගොස් කොළඹ රාජකීය විදුහල අසලින් අවසන්වූ මෙයට යොවුන් රංගන ශිල්පීන් ශිල්පිනියන්, සංගීත ශිල්පීන්, දේශපාලනඥයන්, ක්‍රීඩකයන්, මාධ්‍යවේදීන් විශේෂ ආරධිත අමුත්තන් ලෙස සහභාගි වූ අතර පෞද්ගලික සමාගම්, සංගම් හා පාසල් සිසුන්ද සහභාගී වුණා.


නළු නිලියන් ලෙස උපේක්ෂා සේර්නමාලි, නාරද බක්මීවැව, හේමාල් රණසිංහ, ලහිරු පෙරේරා, කාවිංග පෙරේරා, මේනකා පීරිස්, නදීෂා ස්වර්ණමාලි, ලෝචනා ඉමේෂි, පුෂ්පිකා සඳමාලි, සුනෙත්, ගාමින්ද, සුදත්ත තිලකසිරි, භාතිය සන්තුෂ්, රොමේෂ් සුගතපාල, ප්‍රබෝධ මෙන්ඩිස්, ලක්ෂිත සුපුන්, සුදු මල්ලි සහභාගී වුණා.

දේශපාලඥයන් නියෝජනය කරමින් සහභාගී වුණේ නාමල් රාජපක්ෂ, සචින් වාස්, අනුර ප්‍රියදර්ශන යාපා, බුද්ධික පතිරණ, දිලුම් අමුණුගම, ඩිලාන් පෙරේරා, නියෝමාල් පෙරේරා, ශාන්ත බණ්ඩාර, දුමින්ද දිසානායක, විනයාගමූර්ති මුරලිදරන්, තාරානාත් බස්නායක, අරුන්දික ප්‍රනාන්දු, උදිත් ලොකු බණ්ඩාර, ලොහාන් රත්වත්තේ, වසන්ත සේනානායක, ෂෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර යන අයයි.

සනත් ජයසූරිය, දමයන්ති දර්ශා, යෝෂිත රාජපක්ෂ, තිළිණි ජයසිංහ ක්‍රීඩකයන් නියෝජනය කරමින් සහභාගී වුණා.

Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.