අල, සීනි, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක ආනයන බදු ඉහළ නංවා
තිබේ. ඒ බව අද දිනයේ ප‍්‍රසිද්ධියට පත් කෙරුණේ ද, එය ක‍්‍රියාවට නංවා
තිබෙන්නේ ඉකුත් මස 12 වැනිදා සිටය.
ඒ අනුව, අර්තාපල් ආනයන බද්ද කිලෝ ග‍්‍රෑමයක් සඳහා රුපියල් 30 කින් ද,
ලොකු ලූණු ආනයන බද්ද කිලෝ ග‍්‍රෑම් 01 ක් රුපියල් 35 කින් ද රතු ලූණු ආනයන
බද්ද කිලෝ ග‍්‍රෑම් 01 ක් සඳහා රුපියල් 25 කින් සහ සුදු ලූණු ආනයන බද්ද
කිලෝ ග‍්‍රෑම් 01 ක් රුපියල් 40 කින් වැඩි කර තිබේ.
සීනි ආනයන බද්ද වැඩි කර ඇත්තේ ක‍්‍රිලෝ ග‍්‍රෑම් 01 ක් සඳහා රුපියල් 10
කිනි. සැමන් ආනයන බද්ද කිලෝ ග‍්‍රෑම් 01 ක් සඳහා රුපියල් 85 කින් ද
හාල්මැස්සන් ආනයන බද්ද කිලෝ ග‍්‍රෑමයක් සඳහා රුපියල් 30 කින් ද වැඩි කර ඇත.
උම්බලකඩ ආනයන බද්ද කිලෝ ග‍්‍රෑම් 01 ක් සඳහා රුපියල් 250 කින්ද, කරවල
වර්ග ආනයනයේදී අය කරන බද්ද කිලෝ ග‍්‍රෑමයක් සඳහා රුපියල් 100 කින් වැඩිකර
තිබේ.
අල, සීනි, ලූණු, සැමන්, හාල්මැස්සන්, උම්බලකඩ, කරවල බදු ඉහළ දමයි
Wednesday, June 20, 2012
Labels:
අල,
උම්බලකඩ,
කරවල බදු ඉහළ දමයි,
ලූණු,
සැමන්,
සීනි,
හාල්මැස්සන්
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment