Powered by Blogger.
Showing posts with label කරවල බදු ඉහළ දමයි. Show all posts
Showing posts with label කරවල බදු ඉහළ දමයි. Show all posts
Wednesday, June 20, 2012

අල, සීනි, ලූණු, සැමන්, හාල්මැස්සන්, උම්බලකඩ, කරවල බදු ඉහළ දමයි

අල, සීනි, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක ආනයන බදු ඉහළ නංවා තිබේ. ඒ බව අද දිනයේ ප‍්‍රසිද්ධියට පත් කෙරුණේ ද, එය  ක‍්‍රියාවට නංවා තිබෙන්නේ ඉකුත් මස 12 වැනිදා සිටය.
ඒ අනුව, අර්තාපල් ආනයන බද්ද කිලෝ ග‍්‍රෑමයක් සඳහා රුපියල් 30 කින් ද,  ලොකු ලූණු ආනයන බද්ද කිලෝ ග‍්‍රෑම් 01 ක් රුපියල් 35 කින් ද රතු ලූණු ආනයන බද්ද කිලෝ ග‍්‍රෑම් 01 ක් සඳහා රුපියල් 25 කින් සහ සුදු ලූණු ආනයන බද්ද කිලෝ ග‍්‍රෑම් 01 ක් රුපියල් 40 කින් වැඩි කර තිබේ.
සීනි ආනයන බද්ද වැඩි කර ඇත්තේ ක‍්‍රිලෝ ග‍්‍රෑම් 01 ක් සඳහා රුපියල් 10 කිනි. සැමන් ආනයන බද්ද කිලෝ ග‍්‍රෑම් 01 ක් සඳහා රුපියල් 85 කින් ද හාල්මැස්සන් ආනයන බද්ද කිලෝ ග‍්‍රෑමයක් සඳහා රුපියල් 30 කින් ද වැඩි කර ඇත.
උම්බලකඩ ආනයන බද්ද  කිලෝ ග‍්‍රෑම් 01 ක් සඳහා රුපියල් 250 කින්ද,  කරවල වර්ග ආනයනයේදී අය කරන බද්ද කිලෝ ග‍්‍රෑමයක් සඳහා රුපියල් 100 කින් වැඩිකර තිබේ.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.