
ඇය එම ටෙලියේ නිෂාදකයා හා ඇති කරගත් බහින් බස්වීමක් හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී ඇතැයි පැවසේ.
නදීෂා පසුගියදා පිළියන්දල ප‍්‍රදේශයේ පෙරවරුවේ කල රූගත කිරීමක ඇඳුම් හවස්වරුවේ දැඳීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා මෙම ගැටුම හටගත් බවද වාර්තා වේ.
ඇය එම රෑගත කිරීමට එක්වීමට අලුත් ඇඳුම් සඳහා රුපියල් 15,000 ක මුදලක් ඉල්ලා සිට ඇති අතර, නදීෂාට දිනකට රුපියල් 8,000 ක මුදලක් ගෙවන බැවින් ආදරියේ නිෂ්පාදකයා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබේ.
පසුව නදීෂා නිෂ්පාදකට බැනවැදී ඉන් පිටව ගොස් ඇති අතර එම ගැටුමෙන් පසුව අදාල ටෙලියේ අධ්‍යක්‍ෂ තිසුලදීප තඹවිට නදීෂා යළි ආදරියේ ටෙලියට සම්බන්ධකර ගැනීමට අකමැත්තෙන් සිටින බවද වාර්තා වේ.
මෙම ටෙලිය කොටස් 200 කින් සමන්විත එකක් වන අතර නදීෂා මෙම ටෙලියට සම්බන්ධවී සිටින්නේ නිර්මල (ධනංජය සිරිවර්ධන) නැමැති මාධ්‍යවේදියාට ඇළුම් කරන විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත සැහැල්ලු ජීවිතයක් ගෙවන අප්සාරි නැමැති පෙම්වතියගේ චරිතය සඳහාය.
0 comments:
Post a Comment