Powered by Blogger.

සිසුවෙකුට හා සිසුවියන් 10 ට අතවර කළ වැඩ බලන විදුහල්පතිට මාංචු

Saturday, June 30, 2012

දිවුලපිටිය පොලිස් වසමේ ප‍්‍රාථමික විදුහලක වයස අවුරුදු 05 සිට 10 දක්වා පාසල් දැරියන් 10 දෙනෙකුට හා එක් සිසුවෙකුට ලිංගික අපයෝජන සිදුකිරිම සම්බන්ධව එම විදුහලේ වැඩ බලන විදුහල්පති අත්අඩංගුවට ගෙන තිබේ.

‍ ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය මගින් දිවුලපිටිය පොලිස් ස්ථානයට ලබාදෙන ලද තොරතුරක් අනුව කරන ලද විමර්ශනයකදී මෙම වැඩ බලන විදුහල්පතිවරයා ඊයේ(28) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

‍ සැකකරු අද(29) දින මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජූලි 05 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

‍ අතවරයට පත් දරුවන් මව්පියන්ට භාරදීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇති අතර දිවුලපිටිය පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන පවත්වයි.by nethfm news
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.