Powered by Blogger.
Showing posts with label සිසුවෙකුට හා සිසුවියන් 10 ට අතවර කළ වැඩ බලන විදුහල්පතිට මාංචු. Show all posts
Showing posts with label සිසුවෙකුට හා සිසුවියන් 10 ට අතවර කළ වැඩ බලන විදුහල්පතිට මාංචු. Show all posts
Saturday, June 30, 2012

සිසුවෙකුට හා සිසුවියන් 10 ට අතවර කළ වැඩ බලන විදුහල්පතිට මාංචු

දිවුලපිටිය පොලිස් වසමේ ප‍්‍රාථමික විදුහලක වයස අවුරුදු 05 සිට 10 දක්වා පාසල් දැරියන් 10 දෙනෙකුට හා එක් සිසුවෙකුට ලිංගික අපයෝජන සිදුකිරිම සම්බන්ධව එම විදුහලේ වැඩ බලන විදුහල්පති අත්අඩංගුවට ගෙන තිබේ.

‍ ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය මගින් දිවුලපිටිය පොලිස් ස්ථානයට ලබාදෙන ලද තොරතුරක් අනුව කරන ලද විමර්ශනයකදී මෙම වැඩ බලන විදුහල්පතිවරයා ඊයේ(28) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

‍ සැකකරු අද(29) දින මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජූලි 05 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

‍ අතවරයට පත් දරුවන් මව්පියන්ට භාරදීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇති අතර දිවුලපිටිය පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන පවත්වයි.by nethfm news
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.