Powered by Blogger.

ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවි වාරනය (Srilankamirror.com Banded ?)

Friday, June 29, 2012

ඇතුල්කෝට්ටේ පිහිටි ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවි පවත්වාගන යන ගොඩනැඟිල්ලට අද දහවල් ඇතුළු වූ රහස් පොලීසියේ නිළධාරීන් 25 දෙනෙකු පමණ, රාජ්‍ය විරෝධී තොරතුරු ළඟ තබාගැනීමේ චෝදනා මත එහි සිටි සේවකයන් 9 දෙනෙකු 4 වන තට්ටුවට රැගෙන ගොස් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රකාශ ලබාගත යුතු බව පවසා ඔවුන් රැගෙන ගොස් ඇති අතර එහි තිබූ පරිගණක 7ක් හා හාඩ් ඩිස්ක් ඇතුළු උපාංග රැසක්ද ගෙනගොස් කාර්යාලයට සීල් තබා තිබෙනවා. ශ්‍රීලංකා එක්ස්නිවුස් වෙබ් අඩවියද පවත්වාගන යන්නේ එම ගොඩනැඟිල්ලේය. එම ආයතනයද ඇතුළුවූ රහස් පොලීසියෑම එයටද සීල් තබා එහිවූ පරිගණකද රැගෙන ගොස් තිබෙනවා

වැටලීමට පැමිණි නිලධාරීන් පවසා තිබෙන්නේ අධිකරණ නියෝගයක් මත මෙම වැටලීම සිදුකළ බවයි. පරීක්ෂාවෙන් පසු පරිගණක දෙකක රාජ්‍ය විරෝධී තොරතුරු හමුවූ තිබූ බව පවසා ඒවා රැගෙන ගොස් තිබෙන්නේ සීල් කිරීමෙන් අනතුරුවයි.


ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ධුරය දරණ ලක්ෂමන් හුළුගල්ල මහතා පවසන්නේ සමෘදිමත් රටක් ගොඩ නැඟෙමින් තිබෙන අවස්ථාවක වැරදි තොරතුරු ලබාදෙමින් පවත්වාගන යන වෙබ් අඩවි දෙකක් මුද්‍රා තැබූ බවයි.

නිලධාරීන් ගොඩනැගිල්ල පරීක්ෂා කරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක කටයුතු භාරව සිටින පාර්ලිමේන්තු මංත්‍රී මංගල සමරවීර මහතා ද එහි පැමිණ තිබෙන අතර ගොඩනැගිල්ල පරීක්ෂා කළ නිලධාරීන් විසින් එහි සිටි පිරිස අත්අඩංගුවට ගැනීමත් සමග මංගල සමරවීර මහතා ඊට දැඩි විරෝධය පල කර තිබෙනවා.

ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය සඳහා අතහිත දෙනු ලබන්නේ රුවන් ෆර්ඩිනැන්ඩස් මහතාය. ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක අංශයට සම්බන්ධ ශ්‍රී ලංකා එක්ස්නිවුස් වෙබ් අඩවියේද උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අතර මංගල සමරවීර මහතාගේ ලේකම්වරයකුද වනවා.

මේ වනවිට ෆර්ඩිනැන්ඩස් මහතාගේ නිවසටද රහස් පොලීසියේ නිළධාරීන් 6 දෙනෙකු ගොස් තිබෙනවා. ජනතාවට ක්ෂණිකව හා නොමිලේ තොරතුරු ලබාදෙන මාධ්‍යක් ලෙස වෙබ් අඩවි ඉතා ජනප්‍රියත්වයට පත්වී ඇති අතර මෙලෙස රාජ්‍යය බලය යොදා ඒවා මර්ධනය කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විසින් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබෙනවා

මේ අතර ලංකාවේ ජනප්‍රියතම සිංහල වෙබ් අඩවිය වූ එලකිරි ඩොට් කොම් වෙබ් අඩවියටද අද දහවල් සිට ශ්‍රී ලංකා ටෙලිකොම් සබඳතා මඟින් පැමිණීම වාරණය කර තිබෙනවා.News by gossip9


ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ නිවේදනය ඇතුලත් වීඩියෝව පහලින්.
රහස් පොලීසිය ශ්‍රීලංකා මිරර් වෙබ් අඩවියට ඇතුල්වූ අවස්ථාවේ වීඩියෝව පහලින්
ඉහත වීඩියෝව මඟින් මෙය වාර්තා කල සිරස ආයතනය ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ ඇතැම් පුවත් විශාල කර පෙන්වමින් විග්‍රහයක් කල අතර ඒවායේ තිබුනේ සිරස ආයතනය පිළිබඳව පලවූ පුවත්ය.

සිරස කුමරිය වැඩසටහන මඟින් ගම් වල තරුණියන්ගේ හිරිඔතප් බිඳිමින් බිලීබාගන්නා ආකාරය ගැන ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය ලිපි ගනනාවක් මඟින් හෙළි කර තිබූ අතර එම නිසා සිරස ආයතනය ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය හා පසුවූයේ හිත හොඳකින් නොවේ.by gossip9





Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.