Powered by Blogger.

ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නෑ- නෙහාරා(Nehara talk about gossip web site)

Sunday, May 27, 2012

පසුගිය රයිගම් ටෙලි සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය වූ නෙහාරා පීරිස්, ගොසිප් වෙබ් අඩවි පිළිබඳව අද සිළුමිණ පුවත්පත සමඟ පැවති සාකච්චාවකදී පවසා තිබෙනවා.

ඇය පවසා තිබෙන්නේ ඕපාදූප වෙබ් අඩවි බලන්න ඇයට වෙලාවක් නැති බවත්, වුවමනාවක්ද නැති බවත්ය.

නමුත් සත්‍ය වශයෙන්ම රයිගම් ටෙලි සම්මානය සඳහා ජනප්‍රියම නිළිය තේරීම සඳහා වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ ආශා එදිරිසිංහටයි. ඉන් අනතුරුව වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ උදාරි වර්ණකුලසුරිය වෙතටයි.

නමුත් නෙහාරා පිරිස් රයිගම් වෙළඳ නාම ප්‍රවර්ධකවරියක ලෙසින්ද කටයුතු කරන බැවින් ඇයට මෙම සම්මානය ලැබී ඇති බවයි අප වෙත දැනගන්නට ලැබුනේ.


ඔබ නැවතත් ජනප්‍රියම රූපවාහිනී නිළිය නේද?

ඔව්. එක දිගට වසර 4 ක් මට රයිගම් ටෙලි සම්මාන උලෙළේදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය හිමි වුණා. කිසිම බලාපොරොත්තුවක් මට තිබුණේ නෑ මේ සම්මානය මට ලැබෙයි කියල. ජනප්‍රිය නිළියට හිමි සම්මානය හිමිවුණු පළමු අවස්ථාවේ ඇති වුණු තිගැස්ම මෙවර සම්මානය ගැනීමට යාමේදීත් මට ඇති වුණා. ඒ වගේ ම මම හරිම සතුටු වුණා මම ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ මට තිබුණු ජනප්‍රියත්වය තවමත් මට තිබීම ගැන.

ඔබ හිතන විදියට 4 වැනි වරටත් ඔබ ජනප්‍රියම නිළිය වුණේ කොහොමද?

මුලින් ම මටත් ඒක හිතාගන්න බැරි වුණා. මම කරන චරිතයට උපරිම දායකත්වය ලබා දෙනවා. ඒක එක හේතුවක් වෙන්න ඇති. අනෙක් හේතුව තමයි වාසනාව.

ඔබ හොඳම නිළිය වෙන්නේ කවදා ද?

අපොයි. හොඳම නිළියට හිමි සම්මානය ගන්න මට තව ගොඩක් කල් තියෙනව කියලයි මට හිතෙන්නේ. ඒ සම්මානය ලබාගන්න ක්ෂේත්‍රයේ තව තවත් ගොඩක් පරිණත වෙන්න වේවි. අත්දැකීම් ලබා ගන්න සිදුවේවි. හොඳම නිළියට හිමි සම්මානයට දැන් ම මගේ බලාපොරොත්තුවක් නෑ.

මේ දවස්වල ඔබ මොනවද කරන්නෙ?

මේ දවස්වල ‘සිහින පියාපත්’, ‘තරු පිරි අහසක්’ වැනි ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ‘රුවන් මාලිගා’, ‘සිටු මැදුර’, ‘භාර්යාවෝ’ කියන ටෙලිනාට්‍යවල රූපගත කිරීම් අවසන්.

ඔබ රඟපෑ චරිතවල ඒකාකාරී බවක් දැනෙන්නේ නැති ද?

නැහැ. මම පසුගිය කාලෙ රඟපෑ චරිත ඒකාකාරී නෑ. ඒවා එකිනෙකට වෙනස් චරිත. එක ටෙලිනාට්‍යයක ගැමි වලව්වක දියණියක්... තවත් ටෙලිනාට්‍යයක ගමක වෙද මහත්තයකුගේ දියණියක්, තවත් ටෙලිනාට්‍යයක ගමක ජීවත්වන විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ යුවතියක්. ඒ වගේ ම තවත් ටෙලිනාට්‍යයක රියදුරුවරියක්. මේ වෙනසට මම හරිම කැමැතියි.

දැන් රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්න දායක වෙන්නෙ නැතිද?

පසුගිය කාලෙ ඒ වැඩවලට සහභාගි වෙන්න බැරි වුණා. නමුත් ලබන සතියේ ඉදල නැවතත් දෙරණ නාළිකාවේ ‘ටී - පාටි’ කියන වැඩසටහන මෙහෙයවනවා. මම හරිම ආශාවෙන් ඒ වැඩසටහන කරන්නේ.

මොනවද ඔබේ පෞද්ගලික තොරතුරු?

මම දැන් ඉන්නෙ මගෙ දෙමව්පියන් එක්ක.

රසික රසිකාවියන් දක්වන ආදරය, ගෞරවය ගැන ඔබට මොනවද හිතෙන්නෙ.

අපිට හැමවිටම ලැබෙන්නෙ අපි අන්‍යයන්ට දෙන දේ. මම සමාජයේ සෑම දෙනාටම ආදරය ගෞරවය දක්වන කෙනෙක්. ඒ ආදරය ගෞරවය දක්වන්නෙ හදවතින්මයි. මම හිතනව ඒ නිසයි මට මෙච්චර රසික රසිකාවියන් ආදරේ කියල.

ඔබට ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනව නේද?

ඔව්; මම ගීත ගයන්න ආසයි. පුංචි හැකියාවකුත් තියෙනව. මගෙම ගීතයකුත් පටිගත කරල තියෙනවා.

ඔබ කොහොමද ඔබේ අනාගතය සැලසුම් කරල තියෙන්නෙ...?

මම අවුරුදු ගණනක් ඉදිරියට සැලසුම් හදන කෙනෙක් නෙමෙයි. මම බොහෝ දුරට හිතන්නෙ අද සහ හෙට සාර්ථකව ගත කිරීම ගැන පමණයි. මගේ එකම බලාපොරොත්තුව කාටවත් කරදරයක් නැතිව ජීවත් වීමයි.

ඔබ පිළිබඳවත් යම් යම් තොරතුරු වෙබ් අඩවිවල පළවුණා නේද?

ප්‍රධානම දේ තමයි ඔය ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නෑ; වුවමනාවක් නෑ... සමහරු මට කතා කරල කියනව ‘අර වෙබ් සයිට් එකේ මෙහෙම තිබුණා. මේ වෙබ් සයිට් එකේ අරහෙම තිබුණා කියල. මම ඒව ගැන හිතන්නෙ නෑ. ඒ කතා අහල මම ඒ වෙලාවෙම ඒව හිතෙන් බැහැර කරනව. ඒවා පසුපස එළවන්නේ නෑ.


Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.