Powered by Blogger.

කොළඹ ජාතික කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ සොරාගත් අය දෙසතියකින් අත්අඩංගුවට

Sunday, May 27, 2012

කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ කෞතුකාගාරයේ පුරාවස්තු කීපයක් පසුගියදා අතුරුදහන් වීමේ පුවත මීට පෙර අප වාර්තා කලා. එම මහා සොරකම සිදු වූයේ පසුගිය මාර්තු මාසයේ දී.

එම සොරකම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති වරයා ඊයේ දිනයේ ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ‘සියපත්විල‘ වැඩසටහනට සහභාගී වෙමින්.

කොළඹ ජාතික කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ සොරාගත් අය දෙසතියකින් අත්අඩංගුවට ගන්නා බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා එහිදී පවසා තිබෙන්නේ.


ක්ෂණික සාක්ෂි නොමැතිව වුවද සැකකරුවන් අල්ලා ගැනීමට තරම් ශ්‍රී ලංකා පොලීසියේ දක්ෂ නිලධාරීන් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ආරක්ෂක අමාත්‍යංශයෙන් සංවිධානය කරන ‘සියපත්විල‘ ප්‍රසංගයේ අරමුණ පොලිස් නිලධාරීන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් මහජන මිත්‍රශීලී පොලිස් සේවයක් ඇති කිරීම බවයි සංවිධායකයින් පවසන්නේ.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.