Powered by Blogger.

මැයි දිනෙත් පඩි නැතිව වැඩකරන හිරු

Thursday, May 3, 2012

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ සොහොයුරාට අයත් හිරු ටීවී ආයතනය සිය විකාශන ආරම්භ කිරීමටත් පෙර සිටම එහි සේවකයන් අමානුෂික ලෙස සූරාකෑම ආරම්භ කර ඇත.

පැය අටක වැඩ දිනයක් කම්කරුවන්ට හිමිකර දුන් ලෝක කම්කරු දිනයේ ද කිසිදු අතිකාල දීමනාවකින් තොරව රාජකාරියේ යෙදීමට සලස්වා ඇත.


කම්කරු දිනය සාමන්‍යයෙන් රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන් හට නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. කෙසේ වෙතත් රූපවාහිනී ආයතන මෙන් ම වෙතක් අත්‍යවශ්‍ය සේවාවන් සපයන ආයතනයන්හි ද සාමන්‍ය ක‍්‍රියාපටිපාටිය වනුයේ එවැනි ප‍්‍රසිද්ධ නිවාඩු දින වල සේවයේ යෙදෙන සේවකයින් සඳහා අතිකාල දීමනා හෝ ඒ වෙනුවෙන් වෙනත් නිවාඩු දින ලබාදීමයි.


ශ‍්‍රී ලංකාවේ දැනට ක‍්‍රියාත්මක කම්කරු නීති වලට අනුව සතියක් තුළ සේවකයකු රාජකාරියෙහි යෙදවිය හැකි උපරිම කාල සීමාව පැය 45ක් වන අතර එය ඉක්මවා වැඩ කරන සෑම සැයක් සඳහා ම අතිකාල දීමනා ගෙවිය යුතු ය.


කෙසේ වෙතත් මේ සියලූ නීති උල්ලංඝනය කරමින් හිරු ටීවී ආයතනය එක දිගට දින ගණන් සිය සේවකයන් සේවයේ යොදවන්නේ කිසිදු අමතර ගෙවීමක් පමණක් නොව ආහාර වේලක් හෝ නිසි ප‍්‍රවාහන පහසුකමක් පවා ලබා නොදෙමිනි.


මෙම ආයතනයේ සම්පූර්ණ කාර්ය මණ්ඩලය ම පාහේ වැඩි පඩි බලාපොරොත්තුවෙන් සිරස ආයතනයෙන් ඉවත් ව පැමිණියන් වන අතර මෙම තත්ත්වය මත ඔවුන් අල්ලපු අත්තත් නැති, පය ගහපු අත්තත් නැති මහත් අසරණ තත්ත්වයකට පත් ව සිටී.


තවමත් විකාශන කටයුතු පවා ආරම්භ කර නැති ව තිබියදී පවා මේ ආකාරයෙන් සේවකයන් සූරාකමින් කම්කරු නීති බල්ලට දමා කටයුතු කිරීමට මෙම නාලිකාවට හැකි වී ඇත්තේ මේ පිටුපස ඇති දේශපාලන බලපුළුවන්කාරකම නිසා ද?


දේශපාලන බලපුළුවන්කාරකම් උපයෝගි කරගෙන අනිසි ආකාරයට ලබාගෙන ඇති විකාශන සංඛ්‍යාත මගින් සිරස ඇතුළු අනෙකුත් නාලිකා වල විකාශනයන්ට බාධා සිදුවන අයුරින් විකාශයන් සිදුකිරීමේ සැලසුමක් ද ඇති බව ආරංචි මාර්ග පවසයි.

by gossip9
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.