මෙවර වෙසන් පොහෝ දිනය යෙදෙන 05වැනිදා චන්ද්‍රයා වෙනත් දිනවලට වඩා විශාල ලෙස සහ ආලෝකවත් ලෙස දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතිකවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යාවකාශ යෙදුම් අංශයේ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරන චන්ද්‍රයා පොළොවට ආසන්නව ගමන් කරන දිනක මෙවර පොහොය යෙදී තිබී හේතුවෙන් මෙලෙස චන්ද්‍රයා විශාලව සහ දීප්තිමත්ව දර්ශනය වනු ඇත.
පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර කිලෝමිටර් 3,84,000ක් වන අතර මෙවර වෙසක් පොහොය දිනයේ දී එම දුර ප්‍රමාණය 3,56, 955ක් දක්වා අඩුවන බව ආචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.
වසර 18කට පමණ පසුව මෙලෙස චන්ද්‍රයා, පෘථිවියට ඉතා ආසන්න වීමක් ලෙස මෙය සැලකිය හැකි බවත් ඒ අනුව සාමාන්‍ය දිනවලට වඩා සියයට 14ක විශාලත්වයකිනුත්, සියයට 30ක දීප්තියකිනුත් මෙහිදී චන්ද්‍රයා දර්ශනය වනු ඇත.
මෙම තත්ත්වයත් සමඟ මුහුදේ වඩදිය මට්ටම ඉහළ යා හැකි නමුත් එය සුනාමි සම්බන්ධ අනවශ්‍ය බිය ඇති කර ගත යුතු තත්ත්වයක් නොවන බවද ජයරත්න මහතා වැඩිදුරටත් සදහන් කරයි.
lankamirror
0 comments:
Post a Comment