මැයි දිනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ
හා දෙමල ජාතික සන්ධානයේ මුලිකත්වයෙන් යාපනයේ පැවති "ඒකාබද්ධ විපක්ෂයේ"
මැයි රැලිය වෙත එහි පැමිණි ඇතැම් පුද්ගලයින් එල්.ටි.ටි.ඊ සංවිධානයේ ධජයද
ප්‍රදර්ශනය කරමින් ගිය බව පසුගියදා අප වාර්තා කළා.
මේ වනවිට වාර්තා වන්නේ එය ස්වාධින රුපවාහිනියේ සභාපති වන රොස්මන්ඩ් සේනාරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් යුතු නාටකයක් බවයි.
මැයි රැලිය ආවරණය කිරීමට දෙස් විදෙස්
මාධ්‍යවේදීන් යාපනයට පැමිණ සිටියද කොටි ධජය රැගෙන යන තරුණයා පුදුමාකාර ලෙස
හසුවන්නේ අයි.ටි.එන් කැමරා ශිල්පියාට පමණකි.
එමෙන්ම කොඩිය කැමරාවට පෙන්වූ ගමන්ම එය
සඟවා ගැනීමටද එම තරුණයා වග බලා ගනී.මාධ්‍යවේදීන්ට පෙන්වූ මෙම කොටි ධජ
සංදර්ශනය ගැන සැක සිතු එම පෙළපාලියට සහභාගී වූ අනෙක් තරුණයින් විසින් එම
කොටි ධදජයක් පෙන්වූ තරුණයෙකු හා ඊලාම් සිතියම පපුවේ ගසා ගත් තරුණයෙකු
අල්ලාගෙන පක්ෂ සභාපති ගාමිණී ජයවික්‍රම මහතා වෙත බාර කොට ඇත.
එහිදී ප්‍රශ්න කිරීම් හමුවේ එම තරුණයන්
පවසා ඇත්තේ ස්වාධින රුපවාහිනී සභාපතිවරයාගේ උපදෙස් මත එසේ සිදු කල
බවයි.මෙම තරුණයන් දෙදෙනා කොළොඹ සිට පැමිණ ඇත්තේද අයි.ටි.එන් මාධ්‍ය ආයතනය
පැමිණි රථයෙන් වන අතර නැවත ඔවුන් කොළොඹ බලා ගොස් ඇත්තේද අයි.ටි.එන්
මාධ්‍යය නඩය සමගිනි.
කොටි සංවිධානය
වනාහි තහනම් සංවිධානයකි.එවන් සංවිධානයක කොඩි රැගෙන ගොස් මාධ්‍යයට පෙන්වූ
අයි.ටි.එන් මාධ්‍යය ජාලය නිතිය හමුවට පැමිණවිය යුතු නොවේද?
By Gossip9
ස්වාධින රූපවාහිනිය විසින් පටිගත කල දර්ශන පෙළ පහතින් බලන්න
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment