වතුකරයේ කිරිගොවීන්, දෙදිනක සිට මිලදී ගැනීමේ නිසි ක්රියාවලියක්
නොමැති වීමට විරෝධ පළ කරමින් අද (02) හැටන් නගරයේදී කිරි නගරය පුරා බිම
දමිමන් විරෝධතාවක නිරත විය. නමුත් පෞද්ගලික සමාගමක් කිරි ලීටරය රුපියල් 50
ගත් නමුත් දැන් එම සමාගම කිරි නොගනිතියි ගොවියෝ පවසති.
මෙලෙස කිරිලීටර් 15,000කට ආසන්න ප්රමාණයක් ඔවුන් විසින් හලා දැමූ බව
පැවසේ.මෙම කිරි ගොවින් පවසා සිටින්නේ කිරි මිලදී ගැනීමේ ක්රමවේදය
අක්රියවීම නිසා මෙය සිදු කල බවයි. මෙම හේතුව නිසා ගොවීහු මහත් අපහසුතාවකට
පත්ව සිටිති.
හැටන් නගරය පුරා මේසේ කිරි හළද්දී ඇතැමෙක් ජලකාරමයෙන් නාන ආකාරයට එම
කිරිවලින් නෑවෝය. ඔවුන්ට මෙය අපුරු අත්දැකිමක් වු බව බලා සිටි අය කියා
සිටියේය
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment