Powered by Blogger.

ෆොන්සේකාත් එක්ක පක්‍ෂයක් හදන්නේ නෑ

Thursday, May 24, 2012

සරත් ෆොන්සේකා මහතා සමග එක්වී තමා පක්‍ෂයක් පිහිටුවාගෙන අලූත් දේශපාලන ගමනක් යාමට තමන් සූදානම් වන බවට පැතිරී යන රාවය මුළුමනින්ම අසත්‍ය  බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
‘සරත් ෆොන්සේකා මහතා සමඟ  එවැනි පක්‍ෂයක් හදනවා නම් එය කරන්නේ පක්‍ෂය කඩාගෙන යන අයයි. මම පක්‍ෂය කඩාගෙන යන්නේ නැහැ ’ යයි ද ඔහු අවධාරණය කර සිටියි.
සරත් ෆොන්සේකා මහතා සමඟ පක්‍ෂයක් සාදන්නේ යයි පැවසෙන මාධ්‍ය වාර්තා වලට පිළිතුරු දෙමින් ඒ මහතා ‘අද ‘ පුවත්පතට ඒ බව සදහන් කර ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතා සමඟ දේශපාලන කටයුතු සිදුකල අකාරයටම  ඔහු සමඟ ඉදිරියටත් දේශපාලන ගමනක් යාමට තමන් බලාපොරොත්තු වන බවද පේ‍්‍රමදාස මහතා පවසයි.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.