වසර 2010 දී රූගත කෙරුනු ට‍්‍රාන්ස්ෆෝමර්ස් 3 චිත‍්‍රපටියේ රඟපෑ නිළියක් හට පවුම් මිලියන 11.7ක් වන්දි ගෙවා ඇතැයි වාර්තා වේ.
ඒ ඉන්දියානා ප‍්‍රාන්තයේ දී මෙම චිත‍්‍රපටිය රූගතකිරීමේදී සිදුවූ අනතුරක් වෙනුවෙනි. ඇය රඟපෑවේ චිත‍්‍රපටියේ සුළු චරිතයකි.
අනතුරට පත් ගැබි‍්‍රයෙලා සෙඩිලෝ විසින් ට‍්‍රාන්ස්ෆෝමර්ස් නිෂ්පාදනය කළ
පැරමවුන්ට් පික්චර්ස් සමාගමට එරෙහිව 2010 දී නඩුපවරා තිබූ අතර, ඇයට ලබාදෙන
වන්දිය මෙම සතියේදී චිකාගෝ අධිකරණයක් විසින් අනුමත කර තිබුණි.
හිසේ ලෝහ කැබැල්ලක් වැදීමෙන් මෙම අනතුරට ලක්වූ ගැබි‍්‍රයෙලා, ශල්‍යකර්මයකට ලක්කරන ලදී.
ඇගේ හිස්කබලේ කොටසක් ඉවත්කෙරුනු මෙම ශල්‍යකර්මයෙන් පසුව ගැබි‍්‍රයෙලා ගේ
එක් ඇසක් අන්ධ වී ඇති අතර, තවමත් මතකය අහිමි වීම් වැනි හදිසි ආබාධ වලට ඇය
ගොදුරුවෙයි.
ගැබි‍්‍රයෙලා විසින් මෙම වන්දිය ලබාගැනීමට එකඟ වීම සම්බන්ධයෙන් පැරමවුන්ට් පික්චර්ස්් සමාගම සිය සතුට පළ කර ඇත.
මේ අතර, සිවුවැනි ට‍්‍රාන්ස්ෆෝමර්ස් චිත‍්‍රපටිය 2014 දී තිරගතවීමට නියමිතයි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment