Powered by Blogger.

සුපර් සික්ස් දෙවැනි අබාට විතරයි(Super Six Film)

Thursday, May 24, 2012

පසුගිය මැයි 17 වැනි දින සිට තිරගත වන සුපර් සික්ස් චිත‍්‍රපටයේ ආරම්භක දින ආදායම දෙවෙනි වන්නේ අබා චිත‍්‍රපටයට පමණක් බව වාර්තා වේ.
මෙය ආර්. සදේශ් කුමාර් සහ ශ‍්‍රිමතී සදේශ් කුමාර් විසින් නිෂ්පාදනය කරන ලද අතර උදාර පල්ලියගුරුගේ අධ්‍යක්ෂණයකි.
සුපර් සික්ස් චිත‍්‍රපටය සදහා ප‍්‍රචාරණ වියදම හැරුණුවිට වැය වූ  මුළු මුදල රුපියල් ලක්ෂ 990 ඉක්මවා ඇත.
තවද චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළු නිළියන් සමග රංගනය සදහා 160 ක් ඉක්ම වූ පරිවාර නළුනිළි පිරිසක්ද යොදා ගෙන තිබේ.
විශාල නිෂ්පාදන කණ්ඩායමකගේ දායකත්වය  ඇතිව නිර්මාණය වූ සුපර් සික්ස් හි රූ ගත කිරීම්   ලංකාවේ, ඉන්දියාවේ මෙන්ම මැලේසියාවේ අන්දමන් දූපත්වලදීද සිදු කෙරිණි.
මෙම චිත‍්‍රපටයේ විශේෂත්වයක් වන්නේ ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද තිරගත වීමට නියමිත වීමයි.
සුපර් සික්ස් මේ දිනවල ලිබර්ටි ඇතුළු ඊ ඒ පී මණ්ඩලයේ සිනමා ශාලා 44 කදී ප‍්‍රදර්ශනය කෙරේ.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.