දිඹුල පතන, මේපීල්ඩ්වත්ත ප්රදේශයේ කුඩා දරුවකු නිවස අසල තිබූ එළවළු
කොටුවේ පිහිටි වතුර වලක වැටීම හේතුවෙන් කොටගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව
මියගොස් ඇත.
ආනන්දන් පේමනාදන් නැමැති වයස අවුරුදු එකහමාරක් පිරිමි දරුවෙකු මෙලෙස මියගොස් තිබේ.
එම දරුවා ඉකුත් 12 වැනදා මෙලෙස වතුරවලට වැටී ඇති අතර ඊයේ (13) එම දරුවා මිය ගොස් ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.
දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණය වාර්තාවෙන් මෙම මරණයට හේතුව ලෙස දක්වා තිබේ.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment