Powered by Blogger.

කමල් සිය නිර්දෝශිභාවයට කරුණු පැහැදිලි කරයි kamal addararachchi gossip news

Monday, July 30, 2012

කමල් දැන් පන්සල් යනවා 

පසුගියදා නාරාහේන්පිට ප්‍රදේශයේ වැටලු තායි කතුන් සැපයු ගණිකා මඩම පිළිබඳත් එය මෙහෙයවූ පුද්ගලයන් ගැනත් ගොසිප්9 මෙයට පෙර හෙලිකල අතර ඔවුන්ට පොලිසියේ උසස් නිලධාරීන්ගේ සහයද නොමදව ලැබෙන බව අප විසින් හෙළිදරව් කර සිටියා.

කෙසේ නමුත් මේ ගණිකා මඩම මෙහෙයවීම පිටුපස සිටින බවට සැක කරන ප්‍රවීන නළු කමල් අද්දරආරච්චි ඔහුගේ නිර්දෝෂී භාවය ලක්බිම පුවත්පතට ප්‍රකාශකර තිබුනේ මෙසේය.

"මේ සිද්ධිය වූ දවසේ ප්‍රියන්ත නැමැති අපේ පවුලේ හිතවතෙක් මට දුරකතන ඇමතුමක් දුන්නා. එයාගේ ''ව්‍යාපාරය පිහිටි ස්ථානයට පොලිසියෙන් ඇවිල්ලා ඉන්නවා..ගිහින් පොඩ්ඩක් බලන්න'' කියලා. මේ දුරකතන ඇමතුම මට ලැබෙන කොට මම හිටියේ ප්‍රියන්තගේ ව්‍යාපාරය කිට්ටුව මෝටර් රථය පදවමින්. 


මෝටර් රථයේ මගේ බිරිදත් සිටියා. සති අන්තයේ අපට යන්න තිබුණා‍ උසස් නිලධාරියෙක්ගේ සම්භාෂණයකට. ඒ ගමන යන්න අවශ්‍ය ඇදුම් මිලදී ගන්නයි මමත් බිරිදත් යමින් සිටියේ.ප්‍රියන්තව මගේ බිරිදත් හොදට දන්නවා. ඒ නිසා අපි දෙන්නම මිනිත්තු දෙකක් වගේ කාලයකදී මෙම ව්‍යාපාරය පිහිටි ස්ථානයට ආවා. 

එතැනදී මම දැක්කා පොලිස් නිලධාරීන් සහ පොලිස් වාහන. බිරිදට වාහනේ ඉන්න කියලා මම බැහැලා ගිහින් නිලධාරීන්ගෙන් ඇසුවා ''මෙතන මොකක් හරි දෙයක් වෙනවද?'' කියල‍. 

එතකොට පොලිස් නිලධාරින් කිව්වා ''ඔව්..මෙතන තායි කාන්තාවෝ ඉන්නවා.. වීසා නැතිව..'' කියලා. මම ''එතැනට ආවේ ඇයි'' කියලත් ඔවුන් විමසුවා. එවිට මම පැවසුවා මෙම ස්ථානය මම හොදින් දන්නා මිතුරෙකුගේ තැනක් කියලා. 


පස්සේ එම නිලධාරීන් ම‍ෙගන් අහනවා මෙම ''තායි කාන්තාවන්ගේ පාස්පෝට් වගයක්'' ගැන. මම ඒ මහත්වරුන්ට කිව්වා ''මම මේ ගමනක් යමින් ඉන්නේ..මේ ස්ථානය මගේ මිත්‍රයෙක්ගේ. එයාගේ දැනුම් දීමක් අනුවයි මෙතනට ආවේ..'' කියලා. එත‍කොට පොලිසිය කිව්වා ''අපි ඔත්තුකාරයෙක් දමලා මෙතන සිද්ධ වෙන්නේ මොනවද කියලා හොයා ගත්තා..'' කියලා. ඊට පස්සේ පොලිසිය කිව්වා ''අපිට මේ අයව පොලිසියට ගෙනි යන්න සිද්ධ වෙනවා. මේ ඔයාගේ යාළුවගේ තැන නිසා යතුරු භාර ගන්න පුළුවනිද?'' කියලා. 

එතකොට මම කිව්වා ''මේ ස්ථානය අයිති එක්කෙනා තව ටිකකින් මෙතනට එනවා. මට යතුරු භාර ගන්න බැහැ..'' කියලා.ඊට පස්සේ නිලධාරීන් දෙදෙනෙක්ව එතැන නවත්තලා අත්අඩංගුවට ගත්ත තායි ජාතික කාන්තාවන් රැගෙන පොලිස් නිලධාරීන් යන්න ගියා. සුළු වේලාවකින් ප්‍රියන්ත ආවා. එයාගෙන් පොලිසිය ප්‍රකාශ වගයක් ලබා ගත්තා. ඊට පස්සේ යතුරු භාර දීලා ඒ නිලධාරිනුත් යන්න ගියා.

ඊට පස්සේ ප්‍රියන්තත් ගියා. ප්‍රියන්ත යන්න කලින් මම එයාට කිව්වා ''මෙතන මොකක් හරි සිද්ධ වෙලාද කියන්න මම දන්නේ නැහැ. ඔයාගේ සේවකයෝ වැරැදි දෙයක් කළාද කියන්නත් මම දන්නේ නැහැ. හැබැයි ඔයාට මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.'' කියලා. 


මම එයාට උපදෙස් දුන්නා මොකක් හරි පියවරක් ගන්න කියලා.ඊට පහුවදා වෙබ් අඩවිවල පළ වෙන්න පටන් ගත්තා '' මමත් ඉන්න කොට පොලිසියෙන් ආවා..මේක මගේ ආයතනයක්..ඔය විදිහට මගේ නම නොදා මාව හදුනා ගන්න පුළුවන් තරමටම මගේ විස්තර දාලා ප්‍රචාරයක් ගියා. 

හරියට කඩි ගුලක් ඇවිස්සුව වගේ. ඔන්න ඕකයි සිද්ධ වුණේ. හැබැයි මේ කතාව පැතිරුණාට මම කලබල වුණේ නැහැ. කාටවත් මේ ගැන කියන්න ගියෙත් නැහැ. ඔයා කතා කරලා අහපු නිසයි මේ ටික හරි මම කිව්වේ. 

දැන් බලන්න ඔය වෙබ්වල ගිය කතාවත් එක්ක මම කියන විස්තරය මොන තරම් පරසපරයක් තියෙනවද කියලා. වෙබ්වල තියෙනවා මම පැනලා ගිහිල්ලා කියලා. අතුරුදන් වෙලා කියලා. මම දැන් ඉන්නේ ගෙදර. මම මොකටද පැනලා යන්නේ. ඊයේ (28) රෑත් මගේ ෂෝ එකක් තිබුණා. 

මේ ඇති වූ සිදුවීම පිළිඹද කමල්ගේ බිරිද දරන අදහස

එයාට හිතා ගන්න බැහැ මොකක්ද වුණේ කියලා.(කමල් සිනහවෙමින්) එයා මුලදී සාප කරන්න පටන් ගත්තා.ඊට පස්සේ එයාට තේරුණා සාප කරලා වැඩක් නැහැ. බෞද්ධයින් හැටියට මෛත්‍රී කරන්න ඕනේ කියලා.දැන් පන්සල් යනවා. 
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.