Powered by Blogger.

අත යට මුදලට දුම් සහතික දෙන හැටි Gossip9.com News

Wednesday, July 4, 2012

2009 අංක 08 දරණ මෝටර් ‍රථ වාහන (සංශෝධන) පනතේ 218 වගන්තිය අනුව යෝග්‍යතා වායු විමෝචන හා රක්ෂණ සහතිකය නොමැතිව වාහනයක් ධාවනය නොකළ යුතු අතර ‍එසේ කිරීමෙන් එම විධිවිධාන කඩකරන තැනැත්තෙකු වරදකරු වු විට රු 5000 කට නොඅඩු රු 25000 කට නොවැඩි දඩයකට හෝ මාසයක සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් වේ.

ඒ අනුව වාහයක් ධාවනය කරන
සෑම රියදුරෙක්ම වසරක් පාසා එම වාහනය සඳහා දුම් සතියක් ලබාගත යුතුය.පවත්නා නීතියට අනුව දුම් පරීක්ෂණය සිදු නොකොට වාහනයකට ආදායම් බලපත්‍රයක් ලබාගත නොහැකි ය. ආදායම් බල පත්‍රය නොමැතිව ධාවනය කරන වාහනවල දඩය රුපියල් පන්දහසකි.

නමුත් ඇතැම් අතරමැදියන් විසින් මේ වනවිට දුම් සහතිකය නොමැතිව වුවද ආදායම් බලපත්‍ර ලබා දීමේ ජාවාරම කොළඹ මාලිගාවත්ත, මහ ලේකම් කාර්යාලයේ සහ රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුවන බව වාර්තා වෙයි.


දුම් සහතිකයක් නීත්‍යානුකූලව ලබා දීමට ගෙවිය යුතු මුදල සාමාන්‍යයෙන් රුපියල් පන්සීයක් දාහත් අතර වූවකි.එම පරීක්ෂණයෙන් අසමත් වුවහොත් එම මුදල ආපසු ගෙවන්නේ නැත.

දුම් සහතික පරීක්‍ෂණයෙන් අසමත් වන වාහනයක එන්ජිම අලුත්වැඩියා කිරීමට රුපියල් දහස් ගණනක් වැය වීම හේතුවෙන් බොහෝ වාහන හිමියන් ඉහත කී ජාවාරම ඔස්සේ දුම් පරික්ෂනය සිදු නොකට එම සහතිකය ලබා ගන්නේ රුපියල් දහසේ සිට පන්දහස අතර මුදලක් වැය කරමිනි.

අද දෙරණ පුවත් විකාශය තුලින් අතරමැදියෙකු විසින් මෙවැනි අත යට මුදලට දුම් සහතිකයක් නොමැතිව ආදායම් බලපත්‍රය අලුත්කොට දුන් අයුරු රහසිගතව වීඩියෝ කොට පසුව
බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගෙන් විමසා සිටියේ මෙම ආදායම් බලපත්‍රය පිළිගන්නවද යන්නයි.එහිදී ඒ මහතා කියා සිටියේ එය එම කාර්යාංශයේ නිලධාරියෙකු විසින් අත්සන් තබා ඇති හෙයින් පිළිගන්න බවයි. 

by gossip9

Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.