Powered by Blogger.

දැරියක් දූෂණය කළ අකුරැස්ස ප්‍රා.සභාවේ සභාපති අත්අඩංගුවට

Wednesday, July 4, 2012

අවුරැදු 14 ක දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මාර්තු මාසයේ දිනක දී අදාළ පුද්ගලයා විසින් මෙම දැරිය දූෂණය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

අද (04) අලුයම මාතර ළමා හා කාන්තා කාර්යාංශය මගින් සාරුව ලියනගේ සුනිල් නැමැති අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරු අද මාතර මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
by srilankamirror
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.