Powered by Blogger.

වෙබ් අඩවි වැටලීම ගැන කලාකරුවන් කියන කතා (Damitha And Roshan Talk About Web site)

Monday, July 2, 2012

ඇතුල්කෝට්ටේ පිහිටි ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවි පවත්වාගන යන ගොඩනැඟිල්ලට පසුගියදා ඇතුළු වූ රහස් පොලීසියේ නිළධාරීන් 25 දෙනෙකු පමණ, රාජ්‍ය විරෝධී තොරතුරු ළඟ තබාගැනීමේ චෝදනා මත එහි සිටි සේවකයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඊයේ දිනයේදී ඔවුන් ඇප මත නිදහස් කරනු ලැබුවා.

මෙම වෙබ් අඩවිය වැටලීම පිළිබඳව මේනක රාජපක්ෂ සහ දමිතා අබේරත්න සිරස නිව්ස් ෆස්ට් වෙත අදහස් දක්වා තිබුනේ මෙලෙසින්

වෙබ් අඩවි ගැන රජය හැකි ඉක්මනින් තීරණයක් ගත යුතුයි - මේනක රාජපක්ෂ
මෙවැනි වගකීමක් නැති වෙබ් අඩවි තහනම් කිරීම ගැන මම ඇත්තටම රජයට ස්තුතිවන්ත වෙනවා.ඒ වගේම කලාකරුවෙක් විදියට මෙවැනි දේවල් සමාජයේ තිබීම ගැන ඉතාම කනගාටුවට පත්වනවා.



මේ වගේ වෙබ් අඩවි හින්දා ජනතාව හා ප්‍රේක්ෂකයන් නොමග යාම ගැන කනගාටුවට පත්වනවා.අසත්‍යය තොරතුරු හෙළි කරන අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි සම්බන්ධයෙන් රජය හැකි ඉක්මනින් තීරණයක් ගනීවි කියල බලාපොරොත්තු වෙනවා

මට හරිම සතුටුයි - දමිතා අබේරත්න
මම හිතන්නේ එයාලටත් දරුමල්ලෝ ඇති.තමුන්ගේ කසාද ගැනිට අපහාස කිරීමයි, වෙන ගනියෙකුට අපහාස කිරීමයි අතර කිසි වෙනසක් නැහැ.දෙකම එකයි.මේ සියලු දේ මේ විදියට වුන එක, මම නම් හිතන්නේ මේ මිට ගොඩක් කලින් වෙන්න තිබුන දේවල්.


දැන්වත් මේ සියලු දේ කෙලින්ම නවත්තල දානවනම්,එහෙම නැත්නම් මේ කරන්යන මිනිස්සු කිසියම් පාලනයක් ඇතුව රජයේ අනුමැතිය අරගෙන නීති රීති වලට යටත්ව දැමිය යුතු දේ පමණක් දාල.නැත්නම් ඒ මිනිස්සුන්ට පාරට බැහැල යන්න බැරි විදියට ලජ්ජා කරලා ,


ඔවුන්ගේ පුද්ගලික ජීවිතය..කාත් එක්කද ඔවුන් යන්නේ...කාත් එක්කද කතා කරන්නේ ..කාත් එක්කද අහවල් පාටි එකේ ඩාන්ස් කරේ...ඒවා මොකටද අනිත් මිනිස්සුන්ට තමුන්ගේ වැඩක් බලන් හිටියනම් ඉවරයිනේ.මට හරිම සතුටුයි ඊයේ දවසේ වෙච්ච සිද්දියත් එක්ක..මොකද මේක එක විදියක දිට්ඨ ධම්මවෙදනිය කර්මය පලදීමක්.

මේනක රාජපක්ෂ හා නෙහාර සම්බන්ධ කරමින් පසුගිය කාලයේ අන්තර්ජාලයේ විවිධ පුවත් පළවූ අතර දමිතා අබේරත්න හා රුවන් වැල්ලේ සෝභිත සම්බන්ධ කරමින් පැතුරුණු කතා ගෙතී තිබුණි.

by gossip9
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.