Powered by Blogger.

පිටිදුවේ සිරිධම්ම හිමිට පෝද්දලදී ප්‍රහාරයක්

Monday, July 2, 2012

පිටිදූවේ සිරිධම්ම හිමියන් ගැන ලිපි ගණනාවක් මීට පෙර ගොසිප්9 විසින් පළ කර තිබෙනවා. සමාජයේ ආන්දෝලනයක් ඇති කළ චරිතයක් වූ උන්වහන්සේ සෝවාන් හා සකෘදාගාමී වූ බව පැවසීම, ටී ෂර්ට් ඇඳන් සිටි ජායාරූප ප්‍රසිද්ධියට පත්වීම, තමන්ගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ ඇති බව පැවසීම ආදිය ඒ අතර ප්‍රධාන වුණා. නමුත් මේ සියල්ලම උන්වහන්සේ ප්‍රකාශ කළේ හුදෙක් ලාබ ප්‍රසිද්ධිය සඳහා පමණක් බව උන්වහන්සේ විසින්ම පසුගියදා ප්‍රකාශකොට තිබු බව අප වාර්තා කළා.

තමා ඉදිරියට එනවිටදී
පුද්ගලයන් දමනය වන බව පැවසු පිටිදුවේ සිරිධම්ම නොහොත් සිරි සමන්තබද්‍ර හිමිට අද පෝද්දල කාසිදෙණිය ප්‍රදේශයේදී ජනතා විරෝධය මතුඋනා. ඒ අනුව පොද්දල කාසිදෙණිය ප්‍රදේශයේ සංවිධානය කොට තිබු ධර්ම දේශනාව ඉවත දමා සිරිධම්ම හිමිට එතනින් ඉවත්වීමට සිදු වුයේ නිර්මල බුදු දහම විකෘති කරන්නට බණ දේශනා කිරීමට ඉඩ නොදෙන බව පවසමින්. 

මේ සඳහා පෝද්දල ගම්වාසින් හා සංඝයාවහන්සේලා පැමිණ සිටියේ ගොසිප්9 වෙතින් ප්‍රසිද්ධියට පත්කෙරුණු සිරිධම්ම හිමි ඇමරිකාවේදී ටි ෂර්ට් එකක සහිතව ගත් ජායාරූප සහිත පුවරු සමගිනි.

මෙම දේශනාව අද දිනයේ
පෝද්දල කාසිදෙනිය දොලගාව වත්තේදී සංවිධානය කොට තිබු අතර ගාල්ල නගරය පුරාම එයට පෙර අලවා තිබු පොස්ටරයකින් කියවුනේ "බුදුන්ගේ සැබෑම දේශනාව" ශ්‍රවනය කිරීමට එදින පැමිණෙන ලෙසයි. එම පෝස්ටරය පහතින් බලන්න.





කෙසේ නමුත් පෝද්දල කාසිදෙනිය නගරයේදී සිරිධම්ම හිමි සහිත ජීප් රථය ගම්වාසින් විසින් නවත්වනු ලැබූ අතර එහිදී ගම්වාසින් උන්වහන්සේට පැවසුවේ බුදු දහම විකෘති කර ඔවුන්ගේ ගමේදී දේශනා කිරීමට ඉඩ නොදෙන බවයි.

මෙහිදී ජීප් රථයෙන් බැස ගත් සිරිධම්ම හිමිගේ සුදු හැඳගත් ආරක්ෂකයන් ගම්වාසින් ඉවත්කිරීමට උත්සාහ කල අතර ඉන් කෝපයට පත්වූ ගම්වාසින් විසින් ඔවුන්ට එලවා එලවා පහරදෙනු ලැබුවා.

අවසානයේ එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන්ම සිරිධම්ම හිමිට හා ආරක්ෂකයන්ට ආපසු හැරී යාමට සිදු වුවා.

by gossip9
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.