Powered by Blogger.

දැරිය දූෂණය කල ප්‍රාදේශීය සභා සභාපතිට සැප වාට්ටු

Thursday, July 5, 2012

අවුරුදු 14 ක පාසල් සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක් වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එල්.සුනිල් නැමැත්තා ඊයේ (04) දිනයේදී අත් අඩංගුවට ගැණුනා.

අත් අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා සභාපතිවරයා මේ මස 16 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

48 හැවිරිදි මොහු තමන්ගේම මෝටර් රථයෙන් දැරියව මාතර, අකුරැස්ස, බංගම පාරේ ඔහුට අයත් ලැගුම්හලකට ගෙනගොස් දූෂණය කර ඇති බවට තොරතුරු සොයාගෙන තිබෙනවා.

අතවරයට ලක් වූ දැරිය මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාව යටතේ මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අධිකරණ නියෝගයක් නොමැතිව දැරියගේ දෙමවිපියන්ට හෝ වෙනත් කිසිවෙකුට භාර නොදිය යුතු යැයි මාතර අතිරේක මහේශ්ත්‍රාත් වරයා නියෝග කර තිබෙනවා.


එහෙත් බන්ධනාගාර ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙන්නේ රජයේ ප්‍රභල ඇමතිවරයෙකුගේ මැදිහත්වීම මත බන්ධනාගාරයේ සියළු සැප පහසුකම් ඇති රෝහල් වාට්ටුවකට අදාල සැකකරුව ඇතුළත් කර ඇති බවයි.
Sourse




Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.