Powered by Blogger.

වැටුප් නැතිව වැඩ කරන මැක්ස් මාධ්‍යය ජාලයේ සේවකයන්

Thursday, July 5, 2012

මෙයට අවරුදු හතකට පමණ පෙර ආරම්භ වූ මැක්ස් මාධ්‍ය ජාලයේ සේවකයන් මේ වන විට අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වනවා. එයට හේතුව වී ඇත්තේ ඔවුන් හට මාස තුනක කාලයක් තිස්සේ වැටුප් ලබා නොදීමයි.

මෙම වැටුප් ගෙවීම පැහැර හැරිම පිලිබඳ අදාළ සෑම අංශයක්ම මැක්ස් මාධ්‍යය ජාලයේ සේවකයන් විසින් දැණුවත් කළද තවමත් ඔවුන්ට කිසිදු පිළිසරණක් ලැබී නැහැ.

මැක්ස් මාධ්‍යය ජාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ කෝටිපති ව්‍යාපාරික මහින්ද රාමනායක මහතායි. මීට පෙර මෙම ආයතයේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස සභාපති තුමන්ගේ වැඩිමහල් පුතු කටයුතු කලද මේ වන විට එය බාල පුතුට පැවරී තිබෙනවා.

සිංහල බසින් ප්‍රචාරය වු මැක්ස් මාධ්‍ය ජාලයේ සියලු වැඩසටහන් ඉංග්‍රීසි බසට පරිවර්ථනය වන්නේ බාල පුතු නැතිනම් ධනුක රාමනායක මෙම ආයතනයේ පරිපාලනයට පැමිණීමත් සමගයි.

වර්ථමානයේ මෙහි ප්‍රධාන විධායක ලෙස කටයුතු කරන්නේ මෙයට පෙර ඒ බී සී මාධ්‍ය ජාලයේ සේවය කල ස්ටෙපන් බෙක්මයර් මහතායි.

කෙසේ වෙතත් මාස තුනක පඩි නොගෙව්ව ද ධනුක රාමනායක රුපියල් ලක්ෂ 900 වටිනා BMW රථ මිලදී ගෙන ඇති අතර එහි සේවකයන්ගේ එකම ඉල්ලීම වන්නේ තමන්ට නියමිත පරිදි වැටුප් ගෙවන ලෙසටයි.

Sourse
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.