Powered by Blogger.

මේනකට මරණය මැවී පෙනිලා

Thursday, July 5, 2012

මේ දිනවල බොහෝ ටෙලි නාට්‍යවල හුරු පුරුදු මුහුණක් වන මේනක රාජපක්ෂ හට මරණය පෙනී ගෙදර සුදු කොඩි දමා තිබෙන අයුරු මැවී පෙනුන සිදුවීමක් පසුගියදාක රුගත කිරීම් අතරතුර සිදුවී තිබුනා. 

නිල් අහස ටෙලි නාට්‍යය අතරතුර සිදු වූ මෙම සිදුවීම මේනක විස්තර කර තිබුනේ මෙලෙසින්

"ඇත්තටම එදා වුණේ මෙන්න මේකයි.අපි රූගත කිරීම සඳහා සුදානම් වෙලා දර්ශණ තලයට ආවා. මට තිබුනේ ට්‍රැක්ටරයක නැගලා යන්න. මෙහිදී මාව දාගෙන ට්‍රැක්ටරය පදවගෙන ගියේ අපේ කලා අධ්‍යක්ෂ ශාමික බොකරගොඩ. ඔහු මාවත් දාගෙන ට්‍රැක්ටරය පදවගෙන ඉදිරියට ගියා.


අපි එදා උදේම රූගත කළ නිසා මීදුම වගේ පෙන්වන්න දුරට වෙන්න ගිනි ගොඩකුත් ගහල තිබුණා. අපි ට්‍රැක්ටරයේ නැගල ඉදිරියට ගිය.ටික දුරයි යන්න ලැබුණේ කලා අධ්‍යක්ෂක ට්‍රැක්ටරය ගිනිගොඩ පැත්තට අරන් යන්නේ. 

ඔහුටත් ඒ වෙලාවේ ට්‍රැක්ටරය පාලනයක් තිබුණේ නෑ. අනිත් එක ගිනි ගොඩේ දුමට හරි අමාරුයි. දැන් ට්‍රැක්ටරය යන්නෙත් ගිනි ගොඩ පැත්තටමයි. තවත් හිත හිත ඉන්න එකේ තේරුමක් නැති නිසා මම ට්‍රැක්ටරයෙන් පැන්නා.


මම ට්‍රැක්ටරයෙන් පනින්න කළින් හිතට බයකුත් දැනුණා. ට්‍රැක්ටරය යන්නේ ගිනිගොඩ පැත්තටම නිසා මට මතක් වුණ එකම තැන තමයි අපේ ගෙදර. අම්මත් මතක් වුණා. ගෙදර සුදුකොඩි දාලා තියනවා කියල මැවිලා පෙනුණා.මේ දේවල් එක්ක මට තවත් වෙලා ට්‍රැක්ටරයේ ඉන්න බැරි නිසා තමයි ට්‍රැක්ටරයෙන් පැන්නේ" Sourse
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.